leader s

ජාතික ජන බලවේගයේ පවත්වන කාන්තා සමුළුවලින් ඊළඟ පියවර ලෙස තරුණ ප්‍රජාව ඉලක්ක කරගත් රැලි දිස්ත්‍රික් මට්ටමෙන් රට පුරා

පැවැත්වීමට තීරණය කරන බව ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

මේ වන විට කාන්තා සමුළු අති සාර්ථකව සියයට අනූපහක් පමණ නිමකර ඇති අතර ඉන් අනතුරුව විශාල වෙනසකට මුල පුරන හා වෙනසක අභිලාෂයෙන් බලා සිටින තරුණ ප්‍රජාව ඉලක්ක කොට රැලි පවත්වන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

ඒ අතරට විශ්වවිද්‍යාල සිසුන්, විවිධ වෘත්තිකයන්, බුද්ධිමතුන්, සිවිල් සංවිධාන ක්‍රියාධරයන් ඇතුළු ගම් බිම් මට්ටම දක්වා විහිදුණු තරුණ ප්‍රජාව ආමන්ත්‍රණය කරන බවත් ඔවුන්ට රටේ ඇති දේශපාලන හා ආර්ථික අර්බුද දැනුවත් කරමින් අලුත් රටක් ගොඩනැගීමට ඔවුන්ගේ දායකත්වය අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේ ය.

තව ද තරුණ ප්‍රජාවෙන් ඔබ්බට ගොස් සඟ හා ගොවි සමුළු ද ආරම්භ කිරීමට පක්ෂයේ සාකච්ඡා සිදුවන බව හෙතෙම වැඩිදුරටත් කීය.

(mawbima.lk |Anuradha Herath) 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්