leader s

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ ස්ථීර කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි අනුමැතිය ලැබී ඇතැයි ‘දි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.


දේශබන්දු තෙන්නකෝන් මේ වන විට කටයුතු කරන්නේ වැඩබලන පොලිස්පතිවරයා වශයෙනි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඡන්ද විමසීමක් පැවති අතර, සාමාජිකයින් සිව් දෙනෙකුගේ අනුමැතිය ඊට පළව ඇති අතර, දෙදෙනෙකු ඊට එරෙහි වී ඇත. තවත් සාමාජිකයින් දෙදෙනෙක් එම අවස්ථාවට පැමිණ නොසිටියහ.

 ඒ අනුව, තීරණාත්මක ඡන්දය ලෙසින් කථානායකවරයාගේ ඡන්දය සලකා බලනු ලැබීය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාල පත් කිරීම ඉදිරි පැය 24 දී සිදු කිරීමට නියමිත බව ‘දි සන්ඩේ ටයිම්ස්‘ වාර්තා කරයි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබා දුන් මාස 03 ධූර කාලය බදාදා (28) රාත්‍රී 12 ට නිමාවීමට නියමිතව තිබිණ. 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්