The Leader News
BREAKING
Top Ad
පුවත්

මැතිවරණ ඔක්කෝම මේ වසරේ ද?

T

The Leader Desk

February 26, 2024 • 2:46 PM

මැතිවරණ ඔක්කෝම මේ වසරේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බන්ධනාගාර කටයුතු හා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
  • ජාතික ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන දිස්ත්‍රික් සංහිඳියා උපදේශණ කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්‍ත්‍රික්කයේ උපදේශණ කමිටු පිහිටවීම පෙබරවාරි 24 වැනිදා එක්වු ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
  • රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් එම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නියමිත පරිදි මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන බව ද ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය.
  • මුරලිදරන් මිය, ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ ඇතුළු පිරිසක් එක්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

බන්ධනාගාර කටයුතු හා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

“අපි නියමිත කාලවල ජනාධිපතිවරණය, මහමැතිවරණය වගේම ඉතිරි මැතිවරණත් පවත්වනවා. අපි ඡන්ද කල්දාන්නෙ නෑ. ඒතකොට පුළුවන් මහජනතාවට තීරණය කරන්න මේ රට කාටද භාරදෙන්න ඹ්න කියලා. ජනතාව එවෙලාවට නිසි තීන්දුවක් ගනිවි.”

රට වැටුණු අවස්ථාවේ දී භාර ගැනිමට කිසිවෙක් නොසිටි බව මෙන්ම තමන් ඇතුළු කිහිප දෙනෙකු එකතු වී පිහිටවු ආණ්ඩුව විසින් නිසා රට වර්තමාන තත්වයට පත්කර ගැනිමට හැකි වු බවයි බන්ධනාගාර කටයුතු හා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසන්නේ.

ජාතික ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන දිස්ත්‍රික් සංහිඳියා උපදේශණ කමිටු පිහිටුවීමේ වැඩසටහන යටතේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්‍ත්‍රික්කයේ උපදේශණ කමිටු පිහිටවීම පෙබරවාරි 24 වැනිදා එක්වු ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් එම වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නියමිත පරිදි මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන බව ද ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. මුරලිදරන් මිය, ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ ඇතුළු පිරිසක් එක්විය.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...