The Leader News
BREAKING
Top Ad
පුවත්

SDIG දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

T

The Leader Desk

February 26, 2024 • 3:17 PM

SDIG දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
  • ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අද (පෙබරවාරි 26 වැනිදා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් වෙත පිරිනමා තිබේ.
  • ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මෙරට 36 වැනි පොලිස්පතිවරයා යි.
  • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් (නොවැම්බර් 29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අද (පෙබරවාරි 26 වැනිදා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් වෙත පිරිනමා තිබේ.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මෙරට 36 වැනි පොලිස්පතිවරයා යි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් (නොවැම්බර් 29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරනු ලැබීය.

ඒ, වසර 150කට අධික දිර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන පොලිස් දෙපාර්තමේන්තුවේ මුල් පුටුව සඳහා සුදුස්සෙකු පත් කිරීමට නොහැකිව මාස 8 කට අධික කාලයක් ගතවූ පසුබිම තුළය.

නොවැම්බර් 24 වෙනිදා ධුරයෙන් විශ්‍රාම ගිය පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න හට අවස්ථා 4 කදී සේවා දිගු ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය.

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...