The Leader News
BREAKING
ස්පාඤ්ඤ මාරක දුම්රිය අනතුර: කෝපා ඩෙල් රේ සියලු තරග කල්දමයි●යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතට ජගත් සංවිධානයෙන් කොන්දේසි 9ක්●යුරෝපා මහ බැංකු ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාර්ඩ් හදිසියේම ඉල්ලා අස්වෙයි●අනුරාධපුර පූජා නගර සැලැස්ම: මතභේද සහ සැබෑ තතු●බිලියන 190ක ආනයන මුදල් ජාවාරම: දෙදෙනෙකු යළි රිමාන්ඩ්●කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශය, ‘භාෂාර්ණව’ ශාස්ත්‍රීය සංවාද මාලාවේ තෙවන සැසිය පවත්වයි●වනාතවිල්ලුව පුහුණු කඳවුරු නඩුව: සාජිත් මවුලවී අධිකරණයෙන් කල් ඉල්ලයි●මව බේරාගන්න කෝටියක් ගෙවූ දියණියට අත්වූ ඉරණම●හිටපු අධිකරණ ඇමති විජයදාසගේ පුත් රඛිතගේ දේපළ අල්ලස් කොමිසම තහනම් කරයි●හිටපු ඇමති බෝගොල්ලාගමගේ ඇප නියෝගය නොවැම්බර් 6ට●
Top Ad
පුවත්

හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

T

The Leader Desk

February 27, 2024 • 4:34 PM

හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද (27) රාත්‍රීයේ මියගිය බව පවුලේ ඥාතීන් පැවසීය.
  • වර්ෂයේ අප්‍රේල් මස 11 වැනි දින උපත ලැබූ රොනී ද මැල් මියයන විට 99 වැනි වියෙහි පසුවිය.
  • විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ රොනී ද මැල් සිය මූලික උපාධිය උසස් ලෙස සමත් විය.
  • ඊට පසු ශිෂ්‍යත්වයක් මත පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ රොනී ද මැල් උපාධිය හැදෑරීමෙන් පසු මෙරටට පැමිණ පරිපාලන සේවා විභාගයට ඉඳිරිපත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද (27) රාත්‍රීයේ මියගිය බව පවුලේ ඥාතීන් පැවසීය.

1925 වර්ෂයේ අප්‍රේල් මස 11 වැනි දින උපත ලැබූ රොනී ද මැල් මියයන විට 99 වැනි වියෙහි පසුවිය.

ඔහු ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.

විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ රොනී ද මැල් සිය මූලික උපාධිය උසස් ලෙස සමත් විය.

ඊට පසු ශිෂ්‍යත්වයක් මත පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ රොනී ද මැල් උපාධිය හැදෑරීමෙන් පසු මෙරටට පැමිණ පරිපාලන සේවා විභාගයට ඉඳිරිපත් විය.

අතිදක්‍ෂ පරිපාලන නිලධාරියකු වශයෙන් කටයුතු කරමින් සිටියද රොනී දේශපාලනයට අසීමිත ලෙස කැමැත්තක් දැක්වීය.

රොනී ද මැල් 1978 වර්ෂයේදී ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා ලෙස ද කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ අයවැය එකොළහක් ඉදිරිපත් කළ එකම මුදල් අමාත්‍යවරයා ද රොනී ද මැල් වේ.

2005 වසරේදී දේශපාලනයෙන් සම්පූර්ණයෙන් විශ්‍රාම ගත් රොනී ද මැල් 2005 සිට 2010 දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වශයෙන් ද අවසානයේ කටයුතු කළේය.

ඉන් අනතුරුව කොළඹ 3 ප්‍රදේශයේ පිහිටි තම පෞද්ගලික නිවසේ පදිංචිව සිට තිබේ.

ඔහුගේ බිරිද වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මල්ලිකා ද මැල් 2009 වර්ෂයේදී අභාවප්‍රපාප්ත විය.

රෝනී ද මැල් දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...