The Leader News
BREAKING
ස්පාඤ්ඤ මාරක දුම්රිය අනතුර: කෝපා ඩෙල් රේ සියලු තරග කල්දමයි●යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතට ජගත් සංවිධානයෙන් කොන්දේසි 9ක්●යුරෝපා මහ බැංකු ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාර්ඩ් හදිසියේම ඉල්ලා අස්වෙයි●අනුරාධපුර පූජා නගර සැලැස්ම: මතභේද සහ සැබෑ තතු●බිලියන 190ක ආනයන මුදල් ජාවාරම: දෙදෙනෙකු යළි රිමාන්ඩ්●කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශය, ‘භාෂාර්ණව’ ශාස්ත්‍රීය සංවාද මාලාවේ තෙවන සැසිය පවත්වයි●වනාතවිල්ලුව පුහුණු කඳවුරු නඩුව: සාජිත් මවුලවී අධිකරණයෙන් කල් ඉල්ලයි●මව බේරාගන්න කෝටියක් ගෙවූ දියණියට අත්වූ ඉරණම●හිටපු අධිකරණ ඇමති විජයදාසගේ පුත් රඛිතගේ දේපළ අල්ලස් කොමිසම තහනම් කරයි●හිටපු ඇමති බෝගොල්ලාගමගේ ඇප නියෝගය නොවැම්බර් 6ට●
Top Ad
පුවත්

කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශය, ‘භාෂාර්ණව’ ශාස්ත්‍රීය සංවාද මාලාවේ තෙවන සැසිය පවත්වයි

Pasan

Pasan

October 29, 2026 • 10:15 PM

කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශය, ‘භාෂාර්ණව’ ශාස්ත්‍රීය සංවාද මාලාවේ තෙවන සැසිය පවත්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශයේ පරිවර්තන කවය ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද පරිවර්තන අධ්‍යයනය පිළිබඳ ‘භාෂාර්ණව’ ශාස්ත්‍රීය සංවාද මාලාවේ තෙවන සැසිය 2026 ඔක්තෝබර් 27 වන අඟහරුවාදා විශ්වවිද්‍යාලයේ K14 001 ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වී ය.
  • එහි දී: භාෂාව, අකුරු නිර්මාණය (Typography) සහ ඩිජිටල් තාක්ෂණය අතර පවතින වැදගත් සබැඳියාව පෙන්වා දුන් අතර, සිංහල භාෂාව සුරැකීම, ප්‍රවර්ධනය කිරීම සහ ඩිජිටල් අවකාශය තුළ එය නියෝජනය කිරීම සඳහා අකුරු නිර්මාණකරණයේ ඇති වැදගත්කම අවධාරණය කෙරිණි.
  • මෙම සැසියේ සම්පත් දායකයා ලෙස ප්‍රවීණ සිංහල අකුරු නිර්මාණ ශිල්පියෙකු වන පුෂ්පානන්ද ඒකනායක සහභාගී විය.
  • සිංහල අකුරු නිර්මාණය පිළිබඳ ඔහු ගේ ප්‍රවීණත්වය සහ අත්දැකීම් ඇසුරින්, සිංහල අකුරු කලාවේ සංවර්ධනය සහ භාවිතය පිළිබඳවත්, ඩිජිටල් යුගය තුළ සිංහල භාෂාවේ ප්‍රගතිය උදෙසා ඉන් ලැබෙන දායකත්වය පිළිබඳවත් වටිනා අදහස් රැසක් මෙහිදී ඉදිරිපත් කෙරුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශයේ පරිවර්තන කවය ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද පරිවර්තන අධ්‍යයනය පිළිබඳ ‘භාෂාර්ණව’ ශාස්ත්‍රීය සංවාද මාලාවේ තෙවන සැසිය 2026 ඔක්තෝබර් 27 වන අඟහරුවාදා විශ්වවිද්‍යාලයේ K14 001 ශ්‍රවණාගාරයේදී  සාර්ථකව පැවැත්වී ය.

img-20261029-221931-mceclip3-GnyhOh.jpg



‘සිංහල අකුරු (Fonts) වල ඉතිහාසය, විකාශනය සහ භාවිතය’ මැයෙන් පැවැත්වුණු මෙම තෙවන සැසියේ දී සිංහල අකුරු කලාවේ ඓතිහාසික සංවර්ධනය, විකාශනය සහ ප්‍රායෝගික භාවිත පිළිබඳව අවධානය යොමු කෙරුණි. එහි දී: භාෂාව, අකුරු නිර්මාණය (Typography) සහ ඩිජිටල් තාක්ෂණය අතර පවතින වැදගත් සබැඳියාව පෙන්වා දුන් අතර, සිංහල භාෂාව සුරැකීම, ප්‍රවර්ධනය කිරීම සහ ඩිජිටල් අවකාශය තුළ එය නියෝජනය කිරීම සඳහා අකුරු නිර්මාණකරණයේ ඇති වැදගත්කම අවධාරණය කෙරිණි.

මෙම සැසියේ සම්පත් දායකයා ලෙස ප්‍රවීණ සිංහල අකුරු නිර්මාණ ශිල්පියෙකු වන පුෂ්පානන්ද ඒකනායක සහභාගී විය. සිංහල අකුරු නිර්මාණය පිළිබඳ ඔහු ගේ ප්‍රවීණත්වය සහ අත්දැකීම් ඇසුරින්, සිංහල අකුරු කලාවේ සංවර්ධනය සහ භාවිතය පිළිබඳවත්, ඩිජිටල් යුගය තුළ සිංහල භාෂාවේ ප්‍රගතිය උදෙසා ඉන් ලැබෙන දායකත්වය පිළිබඳවත් වටිනා අදහස් රැසක් මෙහිදී ඉදිරිපත් කෙරුණි.

img-20261029-221610-mceclip0-BOuZDs.jpg

පරිවර්තන අධ්‍යයන ශාස්ත්‍රවේදී (ගරු) උපාධි පාඨමාලාව සහ වාග්විද්‍යා ශාස්ත්‍රවේදී (ගරු) උපාධි පාඨමාලාව හදාරන සිසු සිසුවියන් පිරිසක් මේ සඳහා සහභාගී වූහ. එසේම වාග්විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති, පූජ්‍ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයමාල් ද සිල්වා මහතා, කථිකාචාර්ය අමයා නානායක්කාර මෙනවිය සහ සහකාර කථිකාචාර්ය පූජා මිණිතන්ත්‍රිගේ මෙනවිය ඇතුළු අධ්‍යයනාංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

img-20261029-221636-mceclip1-d10z17.jpg

මෙම සංවාද මාලාව ශාස්ත්‍රීය සන්නිවේදනය සහ දැනුම බෙදාහදා ගැනීම සඳහා කදිම වේදිකාවක් වූ අතර, භාෂාමය දැනුම, අකුරු නිර්මාණය සහ ඩිජිටල් තාක්ෂණය එකිනෙක ඡේදනය වන ආකාරය ගවේෂණය කිරීමට සහභාගිවන්නන්ට අවස්ථාව සලසා දුන්නේය. එමෙන්ම, භාෂාවේ අඛණ්ඩ වර්ධනය උදෙසා තාක්ෂණික දියුණුවේ ඇති වැදගත්කම ද මෙහිදී මැනවින් පැහැදිලි කෙරිණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...