The Leader News
BREAKING
ස්පාඤ්ඤ මාරක දුම්රිය අනතුර: කෝපා ඩෙල් රේ සියලු තරග කල්දමයි●යෝජිත නව ත්‍රස්ත විරෝධී පනතට ජගත් සංවිධානයෙන් කොන්දේසි 9ක්●යුරෝපා මහ බැංකු ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාර්ඩ් හදිසියේම ඉල්ලා අස්වෙයි●අනුරාධපුර පූජා නගර සැලැස්ම: මතභේද සහ සැබෑ තතු●බිලියන 190ක ආනයන මුදල් ජාවාරම: දෙදෙනෙකු යළි රිමාන්ඩ්●කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශය, ‘භාෂාර්ණව’ ශාස්ත්‍රීය සංවාද මාලාවේ තෙවන සැසිය පවත්වයි●වනාතවිල්ලුව පුහුණු කඳවුරු නඩුව: සාජිත් මවුලවී අධිකරණයෙන් කල් ඉල්ලයි●මව බේරාගන්න කෝටියක් ගෙවූ දියණියට අත්වූ ඉරණම●හිටපු අධිකරණ ඇමති විජයදාසගේ පුත් රඛිතගේ දේපළ අල්ලස් කොමිසම තහනම් කරයි●හිටපු ඇමති බෝගොල්ලාගමගේ ඇප නියෝගය නොවැම්බර් 6ට●
Top Ad
ක්‍රීඩා

ස්පාඤ්ඤ මාරක දුම්රිය අනතුර: කෝපා ඩෙල් රේ සියලු තරග කල්දමයි

ස්පාඤ්ඤ ඉතිහාසයේ සිදුවූ දරුණුතම අධිවේගී දුම්රිය අනතුරින් මියගිය 68 දෙනාට ගෞරව පිණිස, පැරණිතම පාපන්දු කුසලාන තරගාවලිය වන කෝපා ඩෙල් රේ හි බදාදා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම තරග අත්හිටුවයි.

Pasan

Pasan

October 29, 2026 • 11:42 PM

ස්පාඤ්ඤ මාරක දුම්රිය අනතුර: කෝපා ඩෙල් රේ සියලු තරග කල්දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර අසල සිදුවූ මාරක දුම්රිය අනතුරෙන් මිය ගිය පුද්ගලයින් 68 දෙනාට ගෞරව පිදීමක් ලෙස ස්පාඤ්ඤ Copa del Rey පාපන්දු තරගාවලියේ බදාදාට නියමිතව තිබූ සියලු තරග 24 ම කල් දැමුණා.
  • ටොලීඩෝ නුවරදී දුම්රිය දෙකක් ගැටී පීලි පනින විට ඒවායේ පුද්ගලයින් 500කට වැඩි දෙනෙකු ගමන් කරමින් සිටියා.
  • රේආල් මැඩ්රිඩ්, බාසිලෝනා හා ඇට්ලටිකෝ මැඩ්රිඩ් යන ස්පාඤ්ඤ දැවැන්තයින් මේ තරගාවලිය අවසාන කණ්ඩායම් 32 වටයට පිවිසෙන තෙක් ඊට ඇතුළු වන්නේ නැහැ.
  • සිද්ධියෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර අසල සිදුවූ මාරක දුම්රිය අනතුරෙන් මිය ගිය පුද්ගලයින් 68 දෙනාට ගෞරව පිදීමක් ලෙස ස්පාඤ්ඤ Copa del Rey පාපන්දු තරගාවලියේ බදාදාට නියමිතව තිබූ සියලු තරග 24 ම කල් දැමුණා.

1903 වසරේ ආරම්භ වූ Copa Del Rey යනු ස්පාඤ්ඤයේ පැරණිතම පාපන්දු කුසලාන තරගාවලිය යි.

ටොලීඩෝ නුවරදී දුම්රිය දෙකක් ගැටී පීලි පනින විට ඒවායේ පුද්ගලයින් 500කට වැඩි දෙනෙකු ගමන් කරමින් සිටියා.

ඉහළම පෙළේ කණ්ඩායම් පහක් වන Levante, Alaves, Valencia, Celta Vigo සහ Real Betis යන කණ්ඩායම් ඊයේ පළමු වටයේ තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

රේආල් මැඩ්රිඩ්, බාසිලෝනා හා ඇට්ලටිකෝ මැඩ්රිඩ් යන ස්පාඤ්ඤ දැවැන්තයින් මේ තරගාවලිය අවසාන කණ්ඩායම් 32 වටයට පිවිසෙන තෙක් ඊට ඇතුළු වන්නේ නැහැ.

බායන් මියුනික් හිදී බදාදා රාත්‍රියේ පැවති රේආල් මැඩ්රිඩ් කාන්තා ශූරතා ලීග් තරගයට පෙර මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පවත්වන විට රේආල් ක්‍රීඩිකාවන් කළු අත්පටි පැලඳ සිටියා.

කල්දැමුණු බදාදා තරගවල ඉදිරි වැඩසටහන ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය මෙතෙක් නිකුත් කර නැහැ.

නවීන ඉතිහාසයේ දරුණුතම දුම්රිය අනතුර

මැඩ්රිඩ් සිට සිවිල් නගරය බලා ධාවනය වෙමින් තිබූ අධිවේගී දුම්රියක් දුම්රිය මාර්ගයේ නතර කර තිබූ තවත් දුම්රියකට කඩා වැදීමෙන් මේ අනතුර සිදුවුණේ බදාදා පෙරවරුවේ. දුම්රිය ගැටුණු වේගයට දුම්රිය මැදිරි කිහිපයක් කණ්ඩියකින් පහළට වැටුණා. සිද්ධියෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා සිටිනවා.

පරිගණක අකර්මන්‍ය වීමකින් පසුව ඇතිවූ මිනිස් දෝෂයකින් මේ අනතුර සිදුවූ බවට ස්පාඤ්ඤයේ ප්‍රවාහන ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙය යුරෝපයේ නවීන ඉතිහාසයේ සිදුවූ එක් දරුණුතම අනතුරක් වන අතර වසර 13ක් තුළ සිදුවූ ස්පාඤ්ඤයේ වඩාත්ම භයානක දුම්රිය ව්‍යසනය වනවා.

මගීන් ගුවනට විසිවන අයුරු, විනාශ වූ මැදිරිවල සිරවී සිටින අයුරු සහ පිටතට ඒම සඳහා ජනේල කඩා බිඳ දැමීමේ කම්පා කරවන සිදුවීම් ගැන ජීවිත බේරාගත් අය විස්තර කර තිබෙනවා.

පෞද්ගලික ආයතනයක් වන Iryo ට අයත් නවතා තිබූ දුම්රියේ මගීන් 147 දෙනෙකු සිටි අතර එය දුම්රිය මාර්ගයේ නතර කර තිබුණේ පරිගණක ඇනහිටීමක් නිසා බව ඇමතිවරයා කියනවා.

පාලන මධ්‍යස්ථානයේ ‘තේරුම්ගත නොහැකි’ තීරණය

පරිගණක පද්ධතියේ ක්‍රියා නොකිරීමක් හටගත් විට පැය 24 පුරා ක්‍රියාත්මක වන මැඩ්රිඩ් පාලන මධ්‍යස්ථානය පාලනය අතට ගන්නා බවත්, එහෙත් ඔවුන් කිසිම වේග සීමාවන් නැතිව යළි දුම්රිය ධාවනය කරන ලෙසට උපදෙස් දීම සඳහා “තේරුම් කළ නොහැකි” තීරණයක් ගෙන ඇති බවත් ඔහු පවසනවා.

මගීන් 397 දෙනෙක් රැගෙන යමින් සිටි ස්පාඤ්ඤ රජයට අයත් දුම්රිය ආයතනයේ දුම්රියක් වේගයෙන් පැමිණ තමන්ගේ දුම්රිය පිටුපස ගැටුණු බව Iryo ප්‍රකාශ කරනවා.

අනතුරෙන් එක් දුම්රිය මැදිරියක් ගිනිගෙන තිබෙන අතර එතුළ සිරවී සිටි පුද්ගලයින් හඬමින් ලේ පෙරාගෙන සිටි අයුරු හා තවත් පුද්ගලයින් සුන්බුන් යට වැළලී සිටි අයුරු මගීන් විස්තර කර තිබෙනවා.

දුම්රිය පීල්ලක දිග කොටසක් එක් දුම්රිය මැදිරියක් පසාරු කරගෙන ගොස් තිබෙන අන්දම ඡායාරූප පෙන්නුම් කරනවා.

"මගේ දෑතේදීම ඇය මිය ගියා" - මගීන්ගේ බිහිසුණු අත්දැකීම්

මිය ගිය සිරුරු හා අත පය නැතිව ගොස් සිටි පුද්ගලයින් ද දුටු බව එක් මගියෙක් කියා තිබෙනවා. “බො‌හෝ අයගේ නහය, අත් කැඩී තිබුණා. එය ඉතාම භයානක, දරුණු එකට ගැටීමක්” යනුවෙන් තවත් මගියෙක් පැවසුවේ තමා තත්පර හතරක් හෝ පහක් ගුවනට විසිවී සිටි බවත් එම කාලය ජීවිත කාලයක් ලෙස දැනුණු බවත් සඳහන් කරමින්.

කාන්තාවක් තමාගේ දෑතේ සිටියදී මිය ගිය බව තවත් මගියෙක් දේශීය රූපවාහිනී සේවයකට කියා සිටියේ හඬා වැලපෙමින්.

“ඇගේ ශරීරය ඉතාම සීතලයි. එයා හිටියේ තනිවෙලා” යනුවෙන් ඔහු කියන විට එම වැඩසටහන ඉදිරිපත් කරමින් සිටි පුද්ගලයා ද වැලපෙන්නට පටන් ගත්තා.

(සටහන | වර්නන් ගුණසේකර)

සබැඳි වාර්තාවක්:

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටී 68ක් මරුට: නඩත්තු ගැටලුව කරළියට

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...