The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිස්පති පත් කළේ, ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් - නීතිපති

T

The Leader Desk

February 28, 2024 • 3:33 AM

 පොලිස්පති පත් කළේ, ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් - නීතිපති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බව නීතිපතිවරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
  • නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ දැනුම්දීම කළේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම් හතක් ඊයේ (27) යළි කැඳවූ අවස්ථාවේදීයි.
  • දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ධූරයේ කටයුතු කිරීමත් පොලිස්පති ධුරයට පත්කිරීම වලක්වන ලෙසත් නියෝගයක් ඉල්ලා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ හිටපු මන්ත්‍රී මුජුබර් රහ්මාන් ඇතුලු පාර්ශ්ව හතක් මෙම පෙත්සම් ගොනුකර තිබේ.
  • දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට පොලිස්පති ධුරයට පත්කර ඇති බැවින් පෙත්සම් විභාගය තවදුරටත් සිදුකිරීම අනවශ්‍ය බව එහිදී කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්හ.
අකුරු ප්‍රමාණය (Font Size):

බව නීතිපතිවරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ දැනුම්දීම කළේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම් හතක් ඊයේ  (27) යළි කැඳවූ අවස්ථාවේදීයි.

දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ධූරයේ කටයුතු කිරීමත් පොලිස්පති ධුරයට පත්කිරීම වලක්වන ලෙසත් නියෝගයක් ඉල්ලා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ හිටපු මන්ත්‍රී මුජුබර් රහ්මාන් ඇතුලු පාර්ශ්ව හතක් මෙම පෙත්සම් ගොනුකර තිබේ.

ඊයේ දිනයේ අදාල පෙත්සම් විමසා බැලුවේ, ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි හා මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යි.

 දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට පොලිස්පති ධුරයට පත්කර ඇති බැවින් පෙත්සම් විභාගය තවදුරටත් සිදුකිරීම අනවශ්‍ය බව එහිදී කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්හ. ඔවුන් කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක්ද පෙත්සම්වලින් ඉල්ලා ඇති නමුත් මේ වනවිට ඔහු පොලිස්පති ධුරයට පත්කර ඇති බවයි.


මෙහිදී පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් සාලිය පීරිස් හා ජෙෆ්රි අලගරත්නම් යන ජනාධිපති නීතිඥවරුන් අධිකරණයට කරුණු පැහැදිලි කළ හ.

ඔවුන් කියා සිටියේ පෙත්සම් අධිකරණය හමුවේ කැඳවා අදාල පාර්ශව විසින් මූලික විරෝධතා හා ප්‍රති විරෝධතාද ගොනු කර ඇති බවයි.

එසේ තිබියදී ජනාධිපතිවරයා විසින් 26 දා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කර ඇති බවත් වැඩබලන පොලිස්පති ධූර කාලය අවසන් වීමටත් පෙර එලෙස පොලිස්පති ධූරයට පත් කිරීම නීතියේ ආධිපත්‍යට එල්ල කළ පහරක් බවත් ජනාධිපති නීතිඥවරුන් පෙන්වා දුන්නා ය.

ඉදිරිපත්වූ කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත් කිරීම ප්‍රමුඛ කරුණ බවට ගෙන පෙත්සම් නැවත සලකා බැලීමට දින නියම කළේ ය.

ඒ අනුව පෙත්සම් අප්‍රේල් 2 වැනිදා යළි සලකා බැලීමට නියමිතයි.

මේ අතර මෙම පෙත්සම්වල මැදිහත්කාර පාර්ශ්වයක් ලෙස සම්බන්ධවීම සඳහා මහාසංඝරත්නය අවසර ඉල්ලා සිටින බව, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙලෙස මැදිහත්වීමට අවසර ඉල්ලා සිටියේ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි, මහාචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය අගළකඩ සිරිසුමන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි හා පූජ්‍ය බෝධාගම චන්දිම හිමිවරුන්ය.

අධිකරණය දැනුම් දුන්නේ මෙම මැදිහත්වීම සඳහා අවසර දෙන්නේද ? නැද්ද? යන්න අප්‍රේල් 2වැනිදා දැනුම් දෙන බවයි.


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

මේ අතර වෙනත් නඩු කටයුත්තක් සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ තිබිණි.

හේතු දැක්වීමකින් තොරව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි, පෙන්වා දෙමින් මහින්ද රළපනාව විසින් ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව අධිකරණයේ පෙනී සිටින්නැයි කළ දැනුම්දීමට අනුවයි.

පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද්‍ර වික්‍රම එහිදී කියා සිටියේ, මින් ඉදිරියට පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලිස් විශේෂ විමර්ශන අංශයකට යම් පුද්ගලයෙකු කැඳවන්නේ නම් ඊට හේතු සහ චෝදනා සවිස්තරව දැනුම්දීමට අදාළව චක්‍රලේකයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

මෙම පෙත්සම මැයි මස 9 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.

(News 1st)

සබැඳි පුවත් :
දේශබන්දු  පොලිස්පති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව එකඟ වුණා ද නැද්ද?


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...