leader s

පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්න කැනඩාවට ගොස් එරට රජයෙන් දේශපාලන රැකවරණය

ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ උද්දික ප්‍රේමරත්න තම ජීවිතයට තර්ජනයක් බව පවසමින් එරට පුරවැසිභාවය හා රැකවරණය අයැද ඇත.

පසුගිය වසරේ සැප්තැම්බර් 18 වැනිදා උද්දික ප්‍රේමරත්න මන්ත්‍රිවරයාගේ නිවස අසලදී ඔහු ගමන් ගත් යතුරුපැදියට වෙඩි තැබීමක් සිදුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට රජය හෝ පොලිසිය මැදිහත් නොවීම ගැන කනගාටු වන බව මන්ත්‍රිවරයා සඳහන් කර ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේදී සිය පවුලේ සාමාජිකයන් සමගින් ඩුබායි වෙත ගිය උද්දික ප්‍රේමරත්න මන්ත්‍රිවරයා එහි සිට ගුවන් මගින් කැනඩාවට ගොස් ඇතැයිද ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමේ ලිපියද කථානායකවරයාට කැනඩාවේ සිට යොමු කර තිබෙන බවද මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

(aruna.lk - එෆ්.අස්ලම්)
 

 

 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්