මෙරට වඩාත් ජනප්‍රියම මුදල් අමාත්‍යවරයා වන අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ අවසන් කැමති පත්‍රයෙන්

ඒ මහතාගේ අවමංගල උත්සවයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ගිහි කථාව හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට පවරා තිබේ.

“ගිහි කථා, ජනාධිපති, අගමැති, විපක්‍ෂ නායක, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට අවස්ථාව දිය යුතුය” ලෙස එහි සඳහන් වේ.

මෙම අන්තිම කැමති පත්‍රය 2020 වසරේ ජනවාරි මස 6 වැනිදා රුහුණු විශ්වවිද්‍යාලය මගින් රොනී ද මැල් මහතාගේ පෞද්ගලික ලේකම් කේ. එච්. විල්ෆ්‍රඩ් වෙත යොමුකර තිබේ.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා රොනී ද මැල් අමාත්‍යවරයාට පෙර අභාවප්‍රාප්ත විය.

රොනී ද මැල් මහතාගේ දේහය රැගත් රථ කොළඹ නිවසින් අද (29) පස්වරු 2.00 ට පිටත් වූ අතර දේහය පස්වරුවේ රුහුණු විහ්වවිද්‍යාලයේ තැන්පත් කිරීමට නියමිතය.

(lankadeepa.lk -යොහාන් භාසුර)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image