ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා අසනීප තත්වයකින් පසුවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය ඔහුට

අහිමිවන බවත් එම ස්ථානයට නිරෝෂන් දික්වැල්ල ආදේශ කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව, බංග්ලාදේශය බලා ඊයේ (29) පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් පෙරේරා එක්නොවූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ ඇතුළත් කර තිබේ.

පාදයේ කළව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් පැතුම් නිස්සංක තරගාවලියට එක් නොවන අතර ඔහුගේ ස්ථානය අවිශ්ක ප්‍රනාන්දුට හිමිව ඇත.

ජෙෆ්රි වැන්ඩසේ සංචිතයට එක්ව සිටින්නේ නායක වනිඳු හසරංග තරග දෙකක තහනමකට ලක්වීම හේතුවෙනි.

වනිඳු හසරංග පළමු තරග දෙකේදීම ක්‍රීඩා නොකරන බැවින් එම තරග දෙකේදී චරිත් අසලංක විස්සයි-20 කණ්ඩායම මෙහෙයවනු ඇත.

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී සාර්ථක ලකුණු රැස්කිරීමක නිරත වූ පැතුම් නිස්සංක, දඹුල්ලේදී පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී කලව මස්පිඬුවේ ආබාධයකට ලක්විය. පසුගිය ඉරිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති තර්ස්ටන් - ඉසිපතන මහ ක්‍රිකට් තරගය අවසානයේ පැවැති උත්සවයකට පැතුම් නිස්සංක පැමිණියේත් අපහසුවෙනි.

නිස්සංකගේ ස්ථානයට පැමිණි අවිශ්ක ප්‍රනාන්දු අවසන් වරට විස්සයි-20 තරගයකට සහභාගි වූයේ පසුගිය වසරේ (2023) ජනවාරි මාසයේදී ඉන්දියාවට එරෙහිව රාජ්කොට්හිදීය.

දෙරට අතර පළමු තරගය මාර්තු 04 වැනිදා ශිලාත් නුවරදී පැවැත්වෙයි.


(මුලාශ්‍රය - lankadeepa.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image