එක්සත් ජනරජ පෙරමුණේ 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත්

කිරීමේ තවත් එක් පියවරක් ලෙස දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් ඊයේ (29) සිදුවිය.

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, නිදහස ජනතා සභාව සහ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) සමග මින් පෙර සාකච්ඡා කරන ලදී.

පාමංකඩ පිහිටි දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් ගේ නිවසේ ඊයේ පැවති සාකච්ඡාවේදී රට මේ වනවිට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායකයින් සිය සතුට ප්‍රකාශ කර ඇති අතර එම කාර්යය සඳහා පොදු සන්ධානයක් මගින් ඉදිරියේදී දේශපාලන කටයුතු සිදුකළ යුතු බවට දෙපාර්ශවයේම යෝජනාව වී තිබේ.

ඒ සඳහා එක්සත් ජනරජ පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනා මාලාවට අමතරව කඳුරට දෙමළ ජනතාව මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ද දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් විසින් ඉදිරිපත් කර ඇත.

 රට ගොඩ නැගීමේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා අත්දැකීම් බහුල, අමාත්‍යංශය පාලනයේදී සිය හැකියාවන් පෙන්වූ පාඨලී චම්පික රණවක වැනි නායකයෙකුගේ දායකත්වය ඉතා අවශ්‍ය බව මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් ද මෙහිදි පවසා තිබේ.

දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්, M. උදයකුමාර් සහ M.වේලු කුමාර් ද එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රගතිශීලි  දෙමළ සන්ධානය විසින් කඳුරට දෙමළ ජනතාව සම්බන්ධව ලබා දුන් යෝජනාවලිය හැදෑරීමක් සිදුකර ඉදිරි කාලයේදී ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බව සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක සඳහන් කළේය.
WhatsApp Image 2024 03 01 at 9.14.56 AM

අමුතුවෙන් ආයි තව අලුතෙන් හිතන්න අවශ්‍ය නෑ....


එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයක ද චම්පික රණවක මන්ත්‍රීවරයා සිය ප්‍රතිචාර දැක්වීය.

ප්‍රශ්නය :
කොහොමද මෙතුමන්ලාගේ ප්‍රතිචාරය. අලුත් ගමනක් යන්න එකතු වෙනවද?

 පිළිතුර :
ඇත්තටම එතුමන්ලා ඕනේ ඒක පැහැදිලි කරන්න. අපි තුන්දෙනාට බොහෝ සමාජ ප්‍රශ්න ගැන තියෙන්නේ සමාන අදහස්. අපි හිතන හැටි ගැන හැමෝටම හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම මේ ආර්ථික අර්බුදයෙන් විශාල බැට කෑමකට කඳුරට දෙමළ ජනතාවත් පත්වෙලා තියෙනවා. ඒකට ඉතිහාසයේ ඉඳන්ම තියෙන ප්‍රශ්නයකුත් තියෙනවා. ඉතින් ඒවා ගැන අපි හොඳ අවබෝධයෙන් ඉන්නවා. රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් පොදුවේ එකමුතු වීමක් අපි බලාපොරොත්තු වෙනවා. කොහොමත් අපි පසුගිය ජනාධිපතිවරණයේ, මහ මැතිවරණයේ තරඟ කළෙත් එකට. අමුතුවෙන් ආයි තව අලුතෙන් හිතන්න අවශ්‍ය නෑ.

ප්‍රශ්නය :
ඒ කියන්නේ මේ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා වුණත් මේගොල්ලෝ එකට වැඩ කරන්න කැමතිද?

 පිළිතුර :
ආණ්ඩු බලය ලබාගැනීම සඳහා ඉදිරි කාලයේදී එතුමන්ලා තීරණය කරයි ඒ කවර සන්ධානයක් එක්කද එන්නේ කියන එක. ඒ කවර සන්ධානයකින් කඳුරට දෙමළ ජනතාවට හා රටේ පොදු ජනතාවට කොහොම සේවයක් ද සිදුවිය යුත්තේ කියන එක ගැන එතුමන්ලා තක්සේරු කරලා ක්‍රියා කරයි. අපිට එතුමන්ලා විශ්වාසයි. දැන් විපක්ෂයේ ඉඳල එතුමන්ලා පෙන්නුවා ආණ්ඩු බලය නැතුව ඉන්න පුළුවන් කියලා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී හැදියාව පෙන්නලා තියෙනවනේ. ඒකට අපි ගරු කරනවා.


ප්‍රශ්නය :
දැන් මේ වනවිට IMF එකේ කට්ටිය නැවතත් එනවා සාකච්ඡා කරන්න. මොකක් වෙයිද?

 පිළිතුර :
මූල්‍ය අරමුදලේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. මූල්‍ය අරමුදලේ මේ නිලධාරී කණ්ඩායම නිලධාරී මට්ටමේ සාකච්ඡාවලට තමා එන්නේ මේ මාර්තු 05. ඊට පස්සේ ඒගොල්ලෝ ඒකෙන් පදනම් කරගත්ත යෝජනාවලියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒකට තව සති කීපයක් ගතවෙයි. මේකේ තියෙන ප්‍රධානම දේ තමයි විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එක. විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා අපේ විදේශීය ණය හිමියන් එක්ක, ජාත්‍යන්තර මූල්‍ය පොලෙන් ලබා ගත්ත ISP එක්ක, චීනය, ජපානය, ඉන්දියාව සහ පැරිස් ක්ලබ් එක ඇතුළු ඒ රටවල් වල ද්විපාර්ශික ණයකරුවොත් එක්ක IMF විසින් නිර්දේශ කරලා තියෙන මාර්ගෝපදේශයන්ට අනුකූලව අපිට එකඟතා ලියවිල්ලක් අත්සන් කරන්න පුළුවන්ද කියලා එහිදී සාකච්ඡාවට ගන්නවා. එහෙම එකඟතා ලියවිල්ලක් අපි අත්සන් කර ගත්තොත් අපට ඊළඟ වාරිකය ලැබෙයි. ඒ සඳහා තව සති කිහිපයක් යයි.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image