මෙරට අධ්‍යාපනයේ කුහක බෙදීම නැති කර ජාත්‍යන්තර පාසල්වල හා පුද්ගලික විශ්ව විද්‍යාලවල දරුවන්ට ලැබෙන වරම 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට ලැබෙන වැඩපිළිවෙලක් සැකසිය යුතු බව විපක්ෂ නායකවරයා පවසා තිබේ.


මෙරට අධ්‍යාපන ක්‍රමය නූතනත්වයට ඔබින ආකාරයට වෙනස් කිරීමට සංශෝධනය කිරීමට විරුද්ධ මොඩ් විප්ලවවාදීන් කොටසක් සිටින බවත්, නිදහස් අධ්‍යාපනය නූතනවාදී කරන්න ඔවුන් අකමැති බව මෙන්ම නව වෙනසක් සිදුකරන විට ඔවුන් මහපාරට බහින බවටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරන්නේ.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 114 වැනි අදියර යටතේ කුලියාපිටිය කිතලව පුග්ගල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාසලේ නර්තන කණ්ඩායමට අඩුවක්ව පැවති ඇඳුම් කට්ටල ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කළේය.

සමගි ජන බලවේගයේ ඒකායන අරමුණ

ආණ්ඩුව සහ නායකයෝ ඩීජිටල් ලංකාවක්, හරිත ලංකාවක් ගොඩනගනව යැයි පැවසුවත් ඒ සදහා කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඔවුන්ට නැති බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

ඔවුන්ට ඒ ගැන අවංක සිතුවිලි ඇත්නම් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ ඒකායන අරමුණ ගමට, රටට, පාසලට සහ රෝහලට වටිනාකමක් එකතු කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කළේය.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image