ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී නිවසේ තිබූ භාණ්ඩ සොරාගත්

පුද්ගලයින් දෙදෙනෙකුට දඬුවම් නියම කර තිබේ.

පසුගිය 2022 වසරේ ජූලි මස 9 වන දින ජනාධිපතිවරයාගේ නිවසේ බෝතලයක් තුළ තිබූ රුවල් නැවක ආකෘතියක් බොරලැස්ගමුව, ඇඹිල්ලවත්ත පාර
 ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් සොරාකම් කර ඇති අතර, ඔහුට එරෙහිව නඩු පවරා වරද පිළිගැනීමෙන් පසුව අද (01) දින දඬුවම් නියම කර ඇත.

ඒ අනුව එම පුද්ගලයාට මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවා තිබේ.

මේ අතර එදිනම ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේ තිබූ ලෝහමය හක් ගෙඩියක් අබේරත්න මාවත, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි අයෙකු විසින් සොරාගැනීමේ වරදට වසරක බරපතළ වැඩසහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවා ඇත.

ඔහුට රු 1,500ක දඩයක්ද නියම කර ඇති අතර, එය නොගවෙන්නේ නම් මාසයක බරපතළ වැඩසටහිත සිරදඬුවම් නියම කර තිබේ.

(adaderana.lk)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image