leader s

මෙවර මහ මැතිවරණදී 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂකයින් ලෙස තරුණ තරුණියන් හා විද්වතුන් සියගණනක් ඉදිරිපත් වන බවට වාර්තා පලව තිබුන ද දැනට වාර්තාවන තොරතුරු වලට අනුව හිටපු දේශපාලනඥයින් සියයට අනු පහකට (95%) වැඩි පිරිසකට නාමයෝජනා ලබාදීමට යන බව පැවසේ.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 'වියත්මඟ' සංවිධානයේ උගතුන් සියයක ආසන්න පිරිසක් මෙන්ම දක්ෂ තරුණ තරුණියන් විශාල පිරිසක් මෙවර මහ මැතිවරණයට 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වන බවට මිට  වාර්තා පලවී තිබිණ.

ගෝඨා තනි නොකිරීමට .....

new 1
කෙසේවුවද theleader.lk වෙත වාර්තාවන පරිදි මෙවර 'පොහොට්ටුවේ' නැවුම් අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වන්නේ කිහිප දෙනෙකු පමණි. ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, නීතිඥ ලලිත් පියුම් පෙරේරා, මාධ්‍යවේදී සංජිව එදිරිමාන්න, නීතිඥ මධුර විතානගේ සහ ප්‍රේම්නාත් සී දොලවත්ත වැනි කිහිප දෙනෙකු පමණක් ඒ අතරවේ.

අගමැති මහින්ද රාජපක්ෂගේ දෙවෙනි පුත් නාවික හමුදා නිලධාරී ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ මෙවර මහ මැතිවරණයේදී දිගාමඩුල්ල දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් තරඟ කරන බව ප්‍රකාශ වුවද එය මෙතෙක් තහවුරු වී නොමැත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරලීමට මෙන්ම, ඔහුව ජනාධිපති ධුරයට පත්කරලීම සඳහා සුවිශාල කාර්ය භාරයක් කළ ප්‍රකට පෙලේ ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මෙවර මහ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්වන බවට වාර්තා පළවුවද ඔහු ප්‍රසිද්ධ දේශපාලනයට එක් නොවිමට මේවනවිට තීරණය කර ඇතැයි වාර්තාවේ.

එසේම, 'පොහොට්ටුවේ' මතවාදය තරුණ තරුණියන් අතරට ගෙනයාමට විශාල කාර්ය භාරයක් ඉටු කල මිලින්ද රාජපක්ෂ ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව පැවසේ.


සජිත්ගේ පක්ෂයෙන් තරුණ තරුණියන් විශාල පිරිසක් :

Eranda wali 2020 .03.05
මේ අතර සජිත් ප්‍රේමදාසගේ 'සමගි ජන බලවේගය' තරුණ තරුණියන් විශාල පිරිසකට මෙවර නාමයෝජනා ලබාදීමට දැනටම තීරණය කර ඇතයි වාර්තාවේ.

ඒ අතර එජාප ඉතිහාසයේ ප්‍රබලයින්ව සිටි මේජර් මොන්ටි ජයවික්‍රමගේ මෙන්ම ජෙනරාල් රන්ජන් විජේරත්නගේ මුනුබුරා වන වැලිගම නගරාධිපති රෙහාන් ඩි ජයවික්‍රම, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නිතිඥ එරන්ද වැලිඅංගේ, කොළඹ පුරපතිනි රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක, හිටපු අමාත්‍යවරයකු වන හේමකුමාර නානායක්කාරගේ පුත් නීතිඥ තාරක නානායක්කාර, හිටපු මන්ත්‍රීවරයකු වන ජස්ටින් ගලප්පත්තිගේ පුත් චතුර ගලප්පත්ති වැනි තරුණ දේශපාලනඥයින් කිහිප  දෙනෙකු ද සිටින බව පැවසේ.  


සබැඳි පුවත් :
ජනපති ගෝඨාභය නිර්පාක්ෂික වේ ! - 'වියත්මඟ' නාලක-සරත්-අනුර 'පොහොට්ටුවෙන් !!

වියත්මඟට නාමයෝජනා පක්ෂවලින් පමණයි ! - පොහොට්ටුවේ පක්ෂ තීරණය කරයි !!

මහ ඡන්දයට නාමයෝජනා : ජනපතිගේ වියත්මඟ උගතුන්ට දැනටම විරෝධයක් !

මහ ඡන්දෙට ගෝඨාභයගෙන් අලුත් මුහුණු 100ක්!

''ජනපතිට හයිය දෙන්න අලුත් පිරිසක් මැතිසබයට පත්කරන්න'' - ගෝලීය ශ්‍රී ලංකා සංසදය

මහ ඡන්දය : සෑම දිස්ත්‍රීකයකටම 'වියත්මඟ' දෙදෙනෙක්! - ජනාධිපතිට හයිය දෙන්න තරුණ ජාලයක්!!

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්