එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය විසින් මැතිවරණ කොමිසම වෙත ලබා දුන් යෝජනාවකට එම කොමිසම සිය අනුමැතිය ලබා දී තිබේ.


මැතිවරණ සඳහා ඉදිරිපත් වන පෞද්ගලික ආයතන සේවකයන් මුහුණපාන ගැටලු පිළිබඳව Youth Republic සාමාජිකයෝ මැතිවරණ කොමිසමේ සභාපති සමග පසුගිය පෙබරවාරි 05 වනදා සාකච්ඡා කර තිබුනි.

එහිදී වැටුප් රහිත නිවාඩු ලබාදීම සුදුසු බවත්, සෙසු පහසුකම් සැලසිය යුතු බවටත් Youth Republic නියෝජිතයෝ පෙන්වා දී ඇති අතර ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ එම යෝජනා ක්‍රියාත්මක කිරිම සුදුසු බවටයි.

ඒ සම්බන්ධ ලිපියක් මැතිවරණ කොමිසම කම්කරු දෙපාර්තමේන්තුව වෙත මාර්තු 06 වැනිදා යවා ඇති බවයි Youth Republic නිවේදනය කරන්නේ.

මෙය එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය ලෙස ලබාගත් විශේෂ ජයක් බවයි Youth Republic පවසන්නේ.

ඉදිරියේදී කම්කරු කොමසාරිස් හමුව සාකච්ඡා කිරීමට මෙන්ම සියලු දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් මේ සම්බන්ධව දැනුවත් කිරීමට ද සුදානමින් සිටින බවයි Youth Republic වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

(චතුරංග මේදිස්)

ur 2394875rt5


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image