ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවී රටේ මව්වරුන්ගේ, ළදරුවන්ගේ, දරුවන්ගේ හා පාසල් දරුවන්ගේ

මන්දපෝෂණ තත්ත්වය මඟහරවා ගැනීමට විශේෂිත අයි.එම්.එෆ්. ආධාරක වැඩසටහනක් අවශ්‍ය යැයි පවසන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

මෙරට ළමා, ළදරු හා මාතෘ මන්දපෝෂණය ඉහළ මට්ටමක ඇති බවත් 2022 සිදු කළ සංගණයක දී වයස අවුරුදු 5-18 අතර දරුවන්ගෙන් 25%ක් අඩු බර දරුවන් බවට අනාවරණය වී ඇති බව මෙන්ම මෙවැනි සංඛ්‍යාලේඛන ගණනාවකින් මන්දපෝෂණය වර්ධනය වී මව්වරු හා දරුවන් අවදානම් කොට්ඨාසයක් ලෙස මන්දපෝෂණ තත්ත්වය නිසා පීඩා විඳින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

අයි. එම්. එෆ්., ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන එකට එකතු වී විශේෂිත අරමුදලක් ස්ථාපිත කොට මන්දපෝෂණ තත්ත්වයෙන් මුදවා ගැනීමට විශේෂිත ජාතික වැඩසටහනක් අවශ්‍ය බවට යෝජනා කරන බව ද විපක්ෂ නායවරයා කියා සිටියේය.

ඊට අමතරව වහාම ක්‍රියාත්මක කරන පරිදි සියලුම රජයේ පාසල්වල සියලුම සිසුන්ට පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 120 වැනි අදියර යටතේ අද ගම්පහ දොම්පේ මල්වාන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

(චතුරංග මේදිස්)

jkjdfee

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image