ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේදී රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි

සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත් දෙනකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (මාර්තු 14 වැනිදා) නියෝග කළේය.

ඒ අනුව අදාළ සැකකරුවන්ට පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නිකුත් කළ ඇප නියෝගයේ සඳහන් විය.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා පොදු දේපළ පනතට අදාළ වන බව අධිකරණය විසින් පිළිගනු ලබන බව ය.

පොදු දේපළ පනතේ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළ විට ඔහු ඇපමත මුදා හැරීම සඳහා සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

සැකකරුවන්ට අදාළ විමර්ශන තවමත් පැවැත්වෙන බවත් එවැනි අවස්ථාවක මොවුන්ට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුවේ සඳහන් කළාය.

ඉන් අනතුරුව අදාල පැමිණිල්ල ලබන 28 වැනිදා කැඳවන ලෙසට නියෝග කෙරුණි.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්