මරණීය දණ්ඩනය නියමවී සිටි වේළුපිල්ලයන් ත්‍යගරාජා හෙවත් සිවරාජා නමැති විත්තිකරුවකු

එම දඬුවමෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

2014 වසරේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඇතිවූ පුද්ගලික ආරවුලකින් අනතුරුව පුද්ගලයෙකුට පිහි ඇනුමක් සිදුකර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවී සැකකරුට මරණීය දණ්ඩනය නියමවී තිබුණි.

එම විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර ගේ එකඟත්වය මත විනිසුරු විකුම් කළුආරච්චි විසින් මෙම තීන්දුව ලබාදුනි.

2014 වසරේ පෙබරවාරි මස 07 වනදා රුවන්වැල්ල ප්‍රදේශයේදී ඇති වූ පෞද්ගලික ආරවුලකින් අනතුරුව ආරුමුගම් චන්ද්‍රසේකරන් නමැත්තෙකුත්ගේ පපුවට පිහි ඇනුමක් සිදුකර මරාදැමීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කෑගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2018 වසරේ අගෝස්තු මස 9 වනදා තීන්දුව ප්‍රකාශයට පත් කළ කෑගල්ල මහාධිකරණ විනිසුරුවරයා වේළුපිල්ලයන් ත්‍යගරාජා නමැති විත්තිකරුට අදාළ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන හෙයින් ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවට තීන්දු කළේය.

මෙම නඩුවේ තවත් විත්තිකරුකු ලෙස නම්කර සිටි මයිල්වාගනම් මනෝරංජන් නමැත්තා නිදොස් කොට නිදහස් කරන ලෙසත් මහාධිකරණ විනිසුරවරයා විසින් එහිදී නියෝග කළේය.

ඉන් අනතුරුව තමන්ට නියම කර ඇති මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වේළුපිල්ලයන් ත්‍යගරාජා නමැති විත්තිකරු විසින් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළේය.

එම ඇපෑල දීර්ඝ ලෙස විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි මහාධිකරණ විනිසුරුවරයා විසින් නිවැරදි ආකාරයෙන් විශ්ලේෂණය කර නොමැති බවය.

ඒ අනුව විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව තීන්දු කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව ඔහු වරදකරු කිරීමේ මහාධිකරණ විනිසුරුවරයාගේ තීරණය නිවැරදි නොවන බවත් සඳහන් කළේය.

ඒ අනුව මරණීය දණ්ඩනය නියමවී සිටි අදාළ විත්තිකරු එම දඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(adaderana.lk)

 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image