ඩොලර් සහ රුපියල් ඉපයීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිව කයිවාරුවෙන් කවුරුන් හෝ බලයට ඒමට සිතා සිටිනවා නම් එය රටේ ජනතාව දෙවැනි

ඛේදවාදකයකට මුහුණ දීමක් හා සමාන සිදුවීමක් බව විපක්ෂ නායකවරයා පවසයි.

රටේ ඇති සෑම ප්‍රශ්නයකට ම පිළිතුර වන්නේ රටට ලැබෙන ඩොලර් සහ රුපියල් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 'සක්වල සුහුරු' පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 122 වැනි අදියර යටතේ අනුරාධපුර කේ. බී. රත්නායක මහා විද්‍යාලයට ඊයේ (14) රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය.

 රටේ ඇති සෑම ප්‍රශ්නයකට ම පිළිතුර වන්නේ රටට ලැබෙන ඩොලර් සහ රුපියල් බැවින් එය ඉපයීමට නිසි වැඩපිළිවෙලක් නොතිබුනහොත් 2019 මෙන් 2024 දී ද ජනතාවට දරුණු ව්‍යවසනයකට මුහුණ දීමට සිදුවන බවටයි ඔහු අනතුරු අඟවන්නේ.

 
සත්‍ය, යථාර්ථය, දත්ත, විද්‍යාව, අත්හදාබැලීම් මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයකට රටක් ලෙස ඉදිරියට යා යුතු බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, ප්‍රතිපත්ති සකස් කිරීම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරිම, අධීක්ෂණය, පසුවිපරුම සහ ප්‍රතිපෝෂණය සිදු කළ යුතු බවයි අවධාරණය කරන්නේ.

එවැනි වැඩපිළිවෙළක් සැකසීමට සමගි ජන බලවේගය සූදානම් බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අනාගතය ශක්තිමත් කිරිමට රටට රුපියල් හා ඩොලර් අවශ්‍ය බවත් බංකොලොත් රටක් තුළ ඩොලර් උත්පාදනය කළ හැක්කේ ආර්ථික වර්ධනයක් තුළින් පමණක් බව ද හෙතෙම පෙන්වා දුනි.

දැනුම කේන්ද්‍රීය, අපනයන කේන්ද්‍රීය ආර්ථිකය හා සෘජු විදේශ ආයෝජන රටට ලබා ගන්නා ආර්ථික ක්‍රමවේදයක් හරහා ගරා වැටුණු, කඩා වැටුණු දේශය නැවතත් අභිමානවත් මාතෘභූමියක් බවට පත් කළ හැකි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්