නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බවට මුහුණු පොතේ දැන්වීම් පළ කරමින් තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වාගත් නුවර රජවැල්ලේ හොර වෛද්‍යවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.


තරුණියන් 15 දෙනෙකු පමණ රහස් පොලිසියට කළ පැමිණිලි අනුව අත්අඩංගුවට ගත් ප්‍රණීත් ලක්මාල් නමැති සැකකරු කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

මුහුණු පොතේ දැන්වීම් පළ කර ඇති සැකකරු තරුණියන් නිරූපණ කටයුතු සඳහා බඳවා ගන්නා බවට ඒත්තු ගන්වමින් ඔවුන්ගේ ඡායාරූප හා වීඩියෝ ගෙන්වා ගෙන තෝරාගත් එක් එක් තරුණියන් සම්මුඛ පරීක්ෂණ සඳහා වෛද්‍යවරයෙකුට යොමු කර ඇත.

වෛද්‍යවරයා ලෙසද පෙනී සිට ඇති සැකකරු තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඔවුන්ට තර්ජනය කර විවිධ අතවර කර ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී ඇති බව රහස් පොලිසිය පවසයි.

(lankadeepa.lk -රෝෂන් තුෂාර) 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්