පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානයක් මේ මස 20 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය.

දේශපාලන පක්ෂ 18ක් සහ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති තිහක දායකත්වයෙන් පිහිටුවන නව සංවිධානය ''මානුෂීය ජනතා සංධානය'' නමින් නම් කර තිබේ.

මානව හිමිකම් සිවිල් ක්‍රියාකාරී නීතිඥ සහ ආගමික සංවිධාන රැසක් මානුෂීය ජනතා සන්ධානයට සහාය පළ කරන බව පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නව සන්ධානය ගොඩනගන අතර එහි ප්‍රතිපත්ති මාලාවට එකඟතාව පළ කරන දේශපාලන පක්ෂයකට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට අපේක්ෂා කරන බවද ඔවුහු සඳහන් කරති.

යම් හෙයකින් එම ප්‍රතිපත්ති මාලාවට සහාය පළ කිරීමට යම් දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවුනහොත් දයාසිරි ජයසේකර ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ජනාධිපතිවරණයට  තරඟ වදින බවද ඔවුහු කියති.

HPA 2024.03.16


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image