බ්‍රිතාන්‍ය ජාතිකයන් බදුල්ල දක්වා දුම්රිය ධාවනය ආරම්භ කර අප්‍රේල් 5 වෙනිදාට වසර 100ක් පිරීම නිමිත්තෙන් එදින සිට සතියේ දින 5 දී කොළඹ

කොටුව සිට බදුල්ල දක්වා ‘දුන්හිඳ ඔඩිසි‘ නමින් නව සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත.

බදුල්ල දක්වා දුම්රිය ධාවනය අරඹා වසර 100ක් සැපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ උත්සවයක් පැවැත්වීමට කටයුතු කර ඇති අතර, 5 වෙනිදා බදුල්ල දුම්රිය ස්ථානයේදී ශතක පූර්ණය සිහිපත් කරමින් විශේෂ තැපැල් මුද්දරයක් නිකුත් කරනු ලැබේ.

5 වෙනිදා සිට පෙරවරු 6.30ට සතියේ දින පමණක් මේ දුම්රිය ධාවනය කෙරෙන අතර එම දුම්රිය සතියේ දිනවල පෙරවරු 8.00ට බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කෙරෙනු ඇත.

මෙම දුම්රියේ පළමු පංතියේ සුඛෝපභෝගී ආසන හා දෙවෙනි පංතියේ ආසන වෙන් කර ගමන් කළ හැකිය. මේ දුම්රිය ධාවනයට යෙදවීමත් සමඟ දැනට ඇල්ල ඔඩිසි දුම්රියට පවතින අධික මගී ඉල්ලුම කළමනාකරණය කරගත හැකි වනු ඇත.

ඇල්ල ඔඩිසි හා දුන්හිඳ ‍ ඔඩිසි දුම්රිය දෙකෙහිම පළමු පංතියේ සුඛෝපභෝගී ආසනයක් සඳහා එක් ගමන් වාරයක් වෙනුවෙන් රුපියල් 8000.00ක මුදලක් අය කෙරේ. මේ වන විට සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට ආසන වෙන් කිරීම් සිදු කෙරෙන නිසා ඕනෑම දුම්රියක ඕනෑම ආසනයක් පහසුවෙන් වෙන් කරවා ගත හැකි වනු ඇත.

(silumina.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්