බඹර ප්‍රහාරයක් හේතුවෙන් ‘ඉන්ඩියන් වෙල්ස්’ ටෙනිස් තරගාවලියට මහත් බාධා ඇතිවුනා.


කැලිෆෝනියාවේ මේ ටෙනිස් පිටිය බඹරුන් විසින් ආක්‍රමණය කිරීම නිසා තෙවැනි තරගය තාවකාලිකව අත්හිටුවීමට තරග විනිසුරුට සිදුවුනා.

මේ තරගාවලියේ තමන් සතු ශූරතාව රැකගැනීමේ උත්සාහයක නිරතව සිටින ස්පාඤ්ඤයේ කාලොස් අල්කරාස් (Carlos Alcaraz) ජර්මනියේ ඇලෙක්සාන්ඩ ස්පෙරෙෆ් (Alexander Zverev) සමග අර්ධ අවසන් පූර්ව තරගයේ ක්‍රීඩා කරමින් සිටියදී බඹරෙක් ඔහුගේ නළලේ පැත්තක් දෂ්ට කළා.

මේ හේතුවෙන් තරගය පැයක් හා මිනිත්තු 40ක් නතර කර තිබූ අතර අල්කරාස් 6-3 6-1කින් තරගය ජය ගත්තේ ඉන්පසුව.

Wasp
“පැහැදිලිවම, මේ තරගය තමයි මම මගේ ක්‍රීඩා දිවියේ තරග වැදුනු වඩාත්ම අසාමාන්‍ය තරගය” යැයි විම්බ්ල්ඩන් ශූර අල්කරාස් පසුව පැවසුවා.

“මම මීමැස්සෝ වගයක් කැරකෙනවා දැක්කා. නමුත් මම හිතුවේ ඒ බඹරු ටිකක් විතරයි කියලා. නමුත් මම අහස දිහා බලන විට දුටුවේ දහස් ගණන් මීමැස්සන් ඉගිලෙමින් සිටින අයුරු. උන් මගේ හිසකෙස්වල වැදී මා වෙත එමින් සිටියා.”

“එ්ක හරිම පිස්සු හැදෙන දසුනක්. මම උන්ගෙන් බේරිලා ඉන්න බැලුවා. නමුත් ඒක කරන්න අමාරු වුනා.”

“මම උන්ට ටිකක් බයයි. මට ආරක්ෂිතව ඉන්න ඕන වුන නිසා මම හැමතැනම දුවන්න පටන් ගත්තා” යනුවෙන් අල්කරාස් කියා සිටියා.

මේ බඹරුන් විශේෂයෙන් ආකර්ෂණය වී සිටියේ ටෙනිස් පිටිය උඩින් කේබල් මත චලනය වන Spidercam නමැති TV කැමරාවට.

ක්‍රීඩකයන් පිටියෙන් ඉවත් වීමෙන් පසුව හා නරඹන්නන් ක්‍රීඩා මණ්ඩපයේ එක් කොණකින් ඉවත් කිරීමෙන් පසුව, තරගාවලියේ මීමැසි පාලකවරයා පැමිණියා.

ඔහු කැමරාවෙන් මීමැස්සන් කූඩුවකට උකහා ගෙන පසුව නිදහස් කිරීම පිණිස වැකියුම් ක්ලීනරයක් භාවිතා කළ අතර එයින් ප්‍රශ්නය විසඳුනු බවක් පෙනුනා.

කෙසේ වෙතත්, වර්තමානයේ ලොව අංක 2 ට ශ්‍රේණිගතව සිටින අල්කරාස් නැවත පිටියට පැමිණි විට ඔහුට කරදර කිරීම බඹරු නතර නොකළ බැවින් මීමැසි පාලකවරයා නැවත කැඳවීමට සිදුවුනා.

නරඹන්නන්ගේ අත්පොලසන් නාදය මැද ටෙනිස් පිටියට ඇවිද ආ ඔහු ලකුණු පුවරුවට දියර ඉසීමෙන් පසුව නැවත සෙනඟ මැදින් පිටව ගියේ ඔවුන් සමග අතට අත දෙමින් හා සෙල්ෆිවලට පෙනී සිටිමින්.

“අවරුද්දේ මේ කාලයේදී මේ පළාත මීමැස්සන්ට පාරාදීසයක් වීමට ඉඩ තිබෙන්නේ සියළුම මල් පිබිදී විකසිත වෙමින් තිබෙන නිසා” යැයි තරග සංවිධායකයින් ප්‍රකාශ කළා.

ඊට අමතරව, අඩු සංඛ්‍යාතයකින් යුත් ශබ්ද තරංග හා බේස් සංගීතයටත් බඹරු ඇදී එන්නේ උන්ට ඒවායේ කම්පනය දැනී ඒ ස්ථානවලට ආකර්ෂණය වන නිසා.”

‘ඉන්ඩියන් වෙල්ස්’ තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි කාලොස් අල්කරාස් සෙනසුරාදා පැවති තරගයේදී ඔස්ට්‍රේලියානු විවෘත ශූරයා වන ඉතාලියේ යැනික් සිනෙර් පරාජය කර අවසාන තරගයට පිවිසියා. අවසන් තරගයේදී ඔහුට මුණගැසෙන ප්‍රතිවාදියා වන්නේ රුසියාවේ ඩැනිඅල් මෙඩ්වියඩෙෆ් (Daniil Medvedev). පසුගිය වසරේ ‘ඉන්ඩියන් වෙල්ස්’ අවසාන මහා තරගය පැවැත්වුනේත් මේ දෙදෙනා අතර.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image