අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන

සභාපති ධුරය ලබා ගැනීම සම්බන්ධ කාරණය පක්ෂයේ විනය මණ්ඩලයට යොමුකොට ඇති බවත් ඒ සම්බන්ධව ඉදිරියේ දී ඔහුට එරෙහිව පක්ෂය විසින් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ, අධිකරණ අමාත්‍ය විජේදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරය බාර ගැනීම පිළිබඳව 'අනිද්දා' පුවත්පත කළ විමසීමකදීය.

එහිදී වැඩිදුරටත් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ සමගි ජන බලවේගය සමග එකතු වූ මන්ත්‍රීවරුන් සම්බන්ධව ද ඉදිරියේ දී විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය කටයුතු කරන බවයි.


අධිකරණ ඇමති ධූරය අහිමි වෙයිද? - විජයදාසගෙන් ප්‍රතිචාර


ඉකුත් දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත්වූ ඇමති විජේදාස රාජපක්ෂගේ පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් මේවනවිට වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

කෙසේවුවද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසන්නේ, සිය අමාත්‍ය ධූරය අහිමි කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

වැටී තිබූ රට ගොඩගැනීමට සිය අමාත්‍ය ධූරය හරහා තමන් සිදු කළ කාර්යයන් පිළිබඳ සියලු පාර්ශවයන්ට මනා අවබෝධයක් ඇති බව මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ඇතැමුන් තමන්ට එල්ල කරන චෝදනාවලටද අමාත්‍ය විජයදාස රාජපක්ෂ එහිදී ප්‍රතිචාර දැක්විය.


 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් නොමැති බවත් අර්බුදය ඇත්තේ තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ එහිදී වැඩිදුරටත් කියා සිටියේය.




‘අතෙන්’ තරගකරලවත් නැති අය ශ්‍රීලනිප නායකයා වෙන්න දඟලනවා – ඇමැති සුසිල්


මේ අතර අප්‍රේල් 25 දා පාර්ලිමේන්තුව්දී අදහස් දැක්වූ සභානායක අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් වීමට දඟලන අය කිසිදු මැතිවරණයකට අත ලකුණින් තරග කර නැති බවයි.

එහිදී ඔහු මෙසේ ද කීය.

''ඔය ශ්‍රී ලංකා එකේ නායකයෝ වෙන්න දඟලන කිසිම කෙනෙක් අත ලකුණින් තරඟ කරලත් නෑ. මම 1991 දී අත ලකුණින් තරඟ කරලා තමයි, කෝට්ටේ නගර සභාවට ආවේ. දැන් මේකේ නායකයෝ වෙන්න දඟලන අය අත ලකුණින් ජීවිතේට තරඟ කරලා නෑ.''

විපක්ෂය :
කාටද ඔය කියන්නේ?

සුසිල් ප්‍රේම්ජයන්ත :
ඕන කෙනකුට හරි අයට තොප්පිය දා ගත්තෑකි.


ඇමතිවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සිටින අතරතුරය.

එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කී කතාවකට සුසිල් ප්‍රේම්ජයන්ත මෙම ප්‍රකාශය සිදු කළේය.

|


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්