පවුල්කරණයට ලක් වූ මහබැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කළ පසුව වැටුප් වැඩි කර ගැනිම

සදාචාර සම්පන්න දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.

මහ බැංකුව ස්වාධිනත්වය ස්ථාපිත කිරීමේ අලුත් අණපනත් ගෙන ආවේ දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමට බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ.

සීමාවකින් තොරව මුදල් අච්චු ගැසිමෙන් රටේ උද්ධමනය ප්‍රවර්ධනය වූ හේතුව තුළ මෙරට මූල්‍ය ප්‍රතිපත්තිය පවුල්කරණයට ලක් වූ බවත් එම නිසා මහබැංකුව ස්වාධින කිරිමට කටයුතු කළ බවයි ඔහු පවසන්නේ.

එවැනි තත්ත්වයක් තුළ මෙරට පෞද්ගලික අංශයට සහ රාජ්‍ය සේවකයනට බඩ පටි තද කර ගන්න යැයි රටට කියමින් මහබැංකුවේ සේවකයන්ට සියයට 70ක් වැටුප් වැඩි කර ගත නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේය.

මහබැංකුවට එවැනි සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද වැඩිදුරටත් පවසන්නේ.

(චතුරංග මේදිස්)

 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්