කලාකරුවන්ගේ වෘත්තිය අයිතිවාසිකම් ආර්ථික සහ සංස්කෘතික අයිතින් ආරක්ෂා කිරීම සඳහා සැකසූ නව දළ පනත් කෙටුම්පත අධිකරණ,

බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත ලබා දී තිබේ.

එම පනත් කෙටුම්පත නීතිපති සහ නීති කෙටුම්පත් සම්පාදක වෙත කඩිනමින් යොමු කිරීමට කටයුතු කරන ලෙසත් මැයි මාසය වන විට පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධිකරණ අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී. අබේකෝන් ගේ මුලිකත්වයෙන් ප්‍රවීණ කලාකරුවන් විසින් දළ පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සදහා කලාකරුවන්ට තම යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවති.

කලාකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තුලින් කලාකරුවන්ගේ වෘත්තියමය භාවය වැඩි දියුණු කිරීම හා ඔවුන්ගේ ආර්ථික තත්වය නගා සිටුවීම, උසස් කලා නිර්මාණ බිහිවීම අපේක්ෂා කරන අතර, ඒ සදහා නව රෙගුලාසි පද්ධතියක් සකස් කිරීම කඩිනමින් සිදු කළ යුතු බව අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී සඳහන් කර තිබේ.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී. අබේකෝන්, ප්‍රවීණ කලාකරුවන් වන සමන් ද සිල්වා, රොහාන් ද සිල්වා, නදීකා ගුණසේකර, මනීෂා ශ්‍යාමලී, ඩග්ලස් සිරිවර්ධන, සුදත් රෝහණයන ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්