ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ දක්වා සිදුකර ඇති කාර්යභාරය අමතක කල යුතු නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවධානය කර සිටියි. 


ඔහු එබව සඳහන් කර ඇත්තේ, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ඊයේ (20) පැවති එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේ දීය. එම රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියේය. 

"සමහරුන්ට මුල මතක නෑ. අපිට එයාර්පෝර්ට් එකකටවත් යන්න බැරි කාලයක් තිබුණා. මේ ජනාධිපතිතුමා තමයි තත්ත්වය වෙනස් කළේ. අපි ඒක අමතක කරන්න හොඳ නෑ." බැසිල් රාජපක්ෂ එහිදී අවධාරණය කර තිබිණ. 

"අපේ පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දු ගන්නකොට සළකා බලන නිර්ණායක ටිකක් තියෙනවා. ඒ අනුව තමයි අපේක්ෂකයා තෝරාගන්නේ" බැසිල් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තීරණාත්මක හමුවක් අද (21) පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අද පස්වරුවේ එම හමුව සිදුවීමට නියමිත බව වාර්තා වේ.

එහිදි ඉදිරි ජනාධිපතිවරණය සහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සඳහන්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් පසුගියදා සිදුවුණි. 


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්