වත්මන් ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය මෙරට ජනතාවගෙන් සියයට 85 අනුමත නොකරන බව 'වෙරිටේ රිසර්ච්'

ආයතනය ප්‍රකාශයට පත් කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිදරව් කර තිබේ.

වෙරිටේ රිසර්ච් සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම වටයේ ප්‍රතිඵලවලට අනුව 2023 ඔක්තෝබර්  මාසයේ දී 9 % ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2024 පෙබරවාරි මාසයේදී 7 %ක් දක්වා පහත වැටී ඇත.

වැඩිදුරටත් ලැබී ඇති ප්‍රතිචාරවලට අනුව, රටේ වත්මන් ආර්ථික තත්ත්වය විශිෂ්ට හෝ හොඳ මට්ටමක පවතින බවට අදහස් දක්වා ඇත්තේ ජනතාවගෙන් 9%ක ප්‍රතිශතයකි. 2023 ඔක්තෝබර් මාසයේ එය 16%ක් විය.

90%ක් දෙනාගේ අදහස රටේ ආර්ථික තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවය. ගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙම අදහස දැරූයේ ජනතාවගෙන් 66%කි.

1. ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය - | 7% |

"වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ඔබ අනුමත කරනවා ද? නැද්ද?" යන ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වූ 7% ප්‍රමාණයක් (ආසන්න වශයෙන් 7.5% - ආන්තික දෝශය ± 1.81% සහිතව) ආණ්ඩුව වැඩ කරන ආකාරය අනුමත කරන බව පැවසුවේ ය.

අනෙක් පසට, 85%ක් කියා සිටියේ ආණ්ඩුව වැඩ කරන ආකාරය ඔවුන් අනුමත නොකරන බවයි. මෙය 2022 ජූනි මාසයෙන් පසු ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතියට ලැබුණු පහළම අගයයි.

2. ආර්ථික තත්ත්වය ගැන අදහස | දුර්වලයි: 91% |

"අද රටේ ආර්ථික තත්වය විශිෂ්ට, යහපත් හෝ දුර්වල යනාදී මට්ටම් අතුරින් කුමන මට්ටමක පවතී ද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වන්නැයි" පැවසූ විට, 91%ක් (ආන්තික දෝශය ±1.94% සහිතව) රටේ ආර්ථිකය දුර්වල මට්ටමක පවතින බවට අදහස් දැක්වූහ.

මෙම අගය 2023 ජුනි මාසයේ දී 73%ක් සහ 2023 ඔක්තෝබර් මාසයේ දී 81%ක් විය. මෙම සෘණාත්මක අදහස තවදුරටත් වර්ධනයව ඇති බවක් මෙවර ප්‍රතිඵලවලින් පෙනේ.

3. ආර්ථිකයේ ඉදිරි දැක්ම | හොඳ අතට හැරෙමින් පවතී: 9% |

ආර්ථික තත්ත්වය වෙනස් වෙමින් තිබෙන්නේ හොඳ අතට ද? නැතිනම් නරක අතට ද? යැන පැනයට 9%ක (ආන්තික දෝශය ± 1.91% සහිතව) පිරිසක් සුබවාදී ප්‍රතිචාරයක් ලබාදුන්හ. 2023 ඔක්තෝබර් මාසයේ දී, මෙම අගය 8%ක් විය.

අනෙක් අතට අසුබවාදී - එනම් ආර්ථිකය නරක අතට හැරෙමින් පවතී යැයි ප්‍රතිචාර දැක්වූ ප්‍රතිශතය 90%ක් විය. එය 2023 ඔක්තෝබර් මාසයේ තිබුණු 66%ක අගයට වඩා ඉහළ ය. ඒ අනුව ගත්විට, එම වසරේ ඔක්තෝබර් මාසයේ දී, ආර්ථික තත්ත්වය ගැන ස්ථිර මතයක් ප්‍රකාශ නොකළ පිරිසත් මේ වන විට ආර්ථිකය නරක අතට හැරෙමින් ඇත යන අදහසේ සිටින බව පෙනී යයි.

ජනමත විමසුම ක්‍රියාත්මක කිරීම
 
‘රට හිතන හැටි’ ජනමත විමසුම වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය හා එක්ව සිදුකරන Syndicated Surveys නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සිදුකිරීම් වැඩසටහනේ කොටසක් වේ. Syndicated Surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව හිමිවේ.

මෙම නවතම සමීක්ෂණය, බහු-අදියර සසම්භාවී ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද විවිධ කුටුම්භයන්හි වෙසෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,044 දෙනෙකුගෙන් සමන්විත ජාතික මට්ටමේ නියෝජනයක් ඇති දීප ව්‍යාප්ත ප්‍රතිචාර නියැදියක් පදනම් කරගනිමින් 2024 පෙබරවාරි 16 සිට 25 දක්වා කාලය තුළ සිදු කර ඇත.

සමීක්ෂණ නියැදිය සහ ක්‍රමවේදය සැළසුම් කර ඇත්තේ, 95% විශ්වාසනීය මට්ටමක් (confidence level) සහ උපරිම ආන්තික දෝශය (error margin) ±3.03% මට්ටමක පැවතෙන පරිදිය. ජනමත විමසුම ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන දෝශයන් ආන්තික දෝශය කෙරෙහි තවදුරටත් බලපෑම් ඇති කළ හැකිය.
iopgf 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්