කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේදී ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල මගින් ඉදිරිපත් කරන

නර්තන අංග ඇතුළු සියලු ආයිතම නිශ්චිත කොට ගැසට් කිරීමට සාකච්ඡා වු බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි .

එමගින් අනාගතයේදී කිසිදු අවස්ථාවක ඊට නවාංග ඇතුළු කර පෙරහර විකෘති කිරීමට නොහැකි වනු ඇති බවද ඒ මහතා පැවසීය .

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේදී පැවති මෙම සාකච්ඡාවේදී මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය විකෘති කිරීම් වලට ලක් නොකර පෞරාණික චාරිත්‍ර ගරු කරමින් සම්ප්‍රදානුකූලව පවත්වාගෙන යෑම සඳහා ඊට සහභාගී වන පිරිස සහ පහසුකම් සලසන රාජ්‍ය ආයතනවල කාරිය භාරය නිශ්චිත කර ගැසට් කිරීමට ද සැලසුම් කොට තිබේ .

පෙරහර සංදේශය මගින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය .

පෙරහර සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් එය ඉදිරියට ගෙන යාම දියවඩන නිලමේවරයාගේ මෙන්ම සතර මහා දේවාල බස්නායක නිලමේවරුන්ගේද වගකීමක් බව බස්නායක නිලමේ වරුන්ගෙන් සංගමයේ සභාපති මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර මහතා මෙම අවස්ථාවට බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ .

(lankadeepa.lk -ෂේන් සෙනෙවිරත්න )

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image