යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය යටතේ තිබූ ඉඩම් අක්කර 234ක ප්‍රමාණයක් ගොවි ජනතාවට නිදහස් කිරීමට කටයුතු කර තිබේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පලාලි ගුවන් හමුදා කඳවුරේ දී මෙම කටයුත්ත සිදු කෙරිණි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ යාපනයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5කට අයත් ඉඩම් ඒ අනුව නිදහස් කර ඇති බවය.

මේ අතර ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු මිලියන 2ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ තවත් 408 දෙනෙකු සඳහා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය අද (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවැත්විණ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්