සමගි ජන බලවේගය යටතේ සන්ධාන ගත වී සිටින විශ්ව විද්‍යාල ඇදුරන්ගේ මුලිකත්වයෙන් යුතුව ආරම්භ කර ඇති

"සමගි බුද්ධි මණ්ඩපයේ" පළමු වාර්ෂික සම්මේලනය කොළඹ "Shangri-La" හෝටලයේ දී අප්‍රේල් මස 07 වැනිදා සවස 4.00 ට පැවැත්වීමට නියමිතය.

රට ගොඩනගන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අරමුණින් යුතු "සමගි බුද්ධි මණ්ඩපය" වටා,  මේවනවිට රට පුරා පිහිටි විශ්ව විද්‍යාල 17 නියෝජනය වන පරිදි ආචාර්ය-මහාචාර්යවරුන් 1131 දෙනෙක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත මතවාදීව සිය සහය පළ කරමින් ඔහු වටා එකට ඒකරාශී වී සිටින බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.

"සමගි බුද්ධි මණ්ඩපයේ" සභාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම කටයුතු කරන අතර ලේකම්වරයා ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ, දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය එස් බාස්කරන් කටයුතු කරයි. එහි ජාතික සම්බන්ධීකාරක ලෙස දර්ශනපති රන්ජන් බණ්ඩාර  කටයුතු කරති.

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සංවාද සංසදය ලෙස ක්‍රියා කරන ජාතික බුද්ධි මණ්ඩපයේ වගකීම සහ කාර්ය භාරය වන්නේ එම පක්ෂයේ පාලනයක් යටතේ ආර්ථික, දේශපාලනික, සමාජ, සංස්කෘතික සහ භූ දේශපාලනික වශයෙන් රට ගොඩනගා ජනතාව සවි බල ගැන්වීමට අදාළව ප්‍රතිපත්ති සකස් කිරීම බව විපක්ෂනායක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.

මිට අමතරව තවත් විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් රැසක් "සමගි බුද්ධි මණ්ඩපය" සමග එක් වෙමින් ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මතවාදීව සිය සහය පළ කිරීමට සූදානමින් සිටින බව පැවසූ එහි ජාතික සම්බන්ධීකාරක දර්ශනපති රන්ජන් බණ්ඩාර, ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු විශාලතම "බුද්ධි කවය" "සමගි බුද්ධි මණ්ඩපය" වන බව ද සඳහන් කළේය.  

lkjhoidfg

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්