තම පාක්ෂිකයන් හා රට තවදුරටත් අමාරුවේ නොදමා පුරවැසිභාවය ඇති රටට ගොස් පාඩුවේ ඉන්නැයි එක්සත් ජනරජ පක්ෂයේ නායක චම්පික

රණවක මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා සිටි.

පුද්ගලයින්ට ඕන දවසට ඡන්ද තියපු හා කල් දැමු යුගය අවසන් බවත් ව්‍යවස්ථාවට අනුව ඉදිරියේ දී මැතිවරණ පැවැත්විය යුතු යැයි ද මන්ත්‍රීවරයා ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

“ව්‍යවස්ථාවට අනුව පවත්වන්න ඕනේ ජනාධිපතිවරණය. ඒ වගේම නාමයෝජනා ලබා ගත්ත පළාත් පාලන මැතිවරණය තමයි පවත්වන්න ඕනේ. බැසිල් රාජපක්ෂට ඇවිල්ලා ඕන ඕන වෙලාවට ඡන්ද ලබාගන්න බෑ. පුද්ගලයින්ට ඕන විදියට ව්‍යවස්ථාව වෙනස් කරපු යුගය, පුද්ගලයින්ට ඕන දවසට ඡන්ද තියපු යුගය, පුද්ගලයින්ට ඕන විදියට ඡන්ද කල්දාපු යුගය දැන් ඉවරයි. ඒ නිසා මහජනයාට ඉඩ දීලා, තමන්ගේ රටකට ගිහිල්ලා, පාඩුවේ ඉන්න එකයි තියෙන්නේ මේ රටේ ඉන්න තමන්ගේ පාක්ෂිකයනුයි, රටයි තවදුරටත් අමාරුවේ දාන්නේ නැතුව. ඒක තමයි බැසිල් මහත්තයට කියන්න තියෙන්නේ.”

චම්පික රණවක මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට ද පිළිතුරු දුනි,


ප්‍රශ්නය:
කෝප් කමිටුවේ ගැටලුවක් ඇතිවෙලා තියෙනවා?


පිළිතුර:
කමිටු විතරක් නෙමෙයි මුළු පාර්ලිමේන්තුවම ගත්තම පසුගිය 2022 වෙච්ච සිදුවීම් ගැන කිසිම තැකීමක් කරන් නැතුව තමයි ආණ්ඩුව හැසිරෙන්නේ. කතානායකතුමා හැසිරෙන්නේ. අපි දන්නවා මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයා පාරට බැහැලා රටේ ජනාධිපති කෙනෙක්ව පැන්නුවා. අගමැති කෙනෙක් පැන්නුවා. පාර්ලිමේන්තුව බේරුනේ අනූ නවයෙන්. ඉතින් ඒ නිසා ඒ පාර්ලිමේන්තුව දැන ගන්න ඕනේ, කතානායක දැන ගන්න ඕනේ, පාර්ලිමේන්තුව ජනතාවට ආදර්ශයක් වෙන විදිහට, අපකීර්තියක් ඇති නොවන විදිහට කටයුතු කරන්න. 


ඒ වගේම ආණ්ඩුවත් දැනගන්න ඕනේ මේ වෙලාවේ මේ බැසිල් මහත්තයාගේ උපක්‍රම අනුගමනය කරන්නේ නැතුව කටයුතු කරන්න. මොකද එතුමට මේ රටේ කිසිම ප්‍රශ්නයක් නෑ. එතුමට විනාඩි විසිපහයි ඕනේ. රටේ ප්‍රශ්නයක් ඇති වුණහම එයාර්පෝට් එකට ගිහිල්ලා තමන්ගේ මව් රටට පැනලා යන්න. අනිත් මිනිස්සුන්ට තමයි මේ ප්‍රශ්න තියෙන්නේ පොහොට්ටුවේ අනිත් ඔක්කොටම. ඉතින් ඒක හින්දා මේ වගේ මේ තුට්ටු දෙකේ වැඩ කරලා, මේ පාර්ලිමේන්තුවයි, සියලු දෙනාම අපකීර්තියට පත් කරගන්න හොඳ නෑ.



ඒ වගේම ඔය කමිටුවලට නිශ්චිත ඉලක්කයක් නෑ. හැමතැන වෙන්නේ මොකක්ද ඒ සභාපතිවරයාට කැපී පෙනෙන දෙයක් බවට මේක පත්වෙලා තියෙනවා. ඉතින් එම නිසා පාර්ලිමේන්තුවේ මේ කමිටුවලට ඉලක්ක දෙන්න කියලා කිව්වා. කමිටු හැත්තෑ ගාණක් තියෙනවා. ඒ හැත්තෑ ගානට සාකච්ඡා කරන්න පුළුවන් කාරක සභා කාමර නමයයි තියෙන්නේ. පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල නෑ මේවා කරගෙන යන්න. ඉතින් ඒ නිසා මේවා ගැන විධිමත් අධ්‍යයනයක් කරලා මේවයේ බලතල වෙන් කරලා දෙන්න කියලා දැන් අවුරුද්දක් වෙනවා. ඒ කටයුත්තවත් කතානායක කරලා නෑ. ඉතින් ඒක නිසා නිලධාරීන් ඉතාම බරපතළ අපහසුතාවයකට පත්වෙලා තියෙනවා, අර කමිටුවටත් යනවා, මේ කමිටුවටත් යනවා. ඒ විදියට ඒගොල්ලොත් විශාල අපහසුතාවයකට පත්වෙලා තියෙනවා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ කාල කළමනාකරණය. දැන් උදාහරණයක් හැටියට මේ මුළු සතියටම මට කතා කරන්න ලැබුණේ විනාඩි පහයි. එයට හේතුව කාලය නාස්ති කරන අයට ඉඩ දීලා බලන් ඉන්නවා කතානායක. ඉතින් මේක දැන් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායයක් වෙලා. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුවේ කාල කළමනාකරණයක් නෑ. විධිමත්භාවයක් නෑ. කාරක සභාවල ක්‍රියාකාරීත්වය  පිළිබඳ ගෞරවයක් නෑ රටේ.  ඊළඟ පාර මහජනයාගේ ප්‍රහාරයට ලක්වෙන්නේ පාර්ලිමේන්තුව. ඒ බව හැම කෙනා ම අවබෝධ කරගෙන කටයුතු කළොත් හොඳයි. 



හැබැයි ඒ වගේම කතානායකවරයා දැන් මොන දේවල් කළත් විශ්වාසභංග යෝජනාවෙදි, පාර්ලිමේන්තුවට ජනවරමක් නෑනේ. ඔය ඉන්න කට්ටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනවරමක් නෑනේ. මොකද ඒ ජනවරම අහෝසි වුණා. ඒ ජනවරම දැන් නෑ. ඒක ඒගොල්ලොත් දන්නවා. ඒ නිසා දැන් තාක්ෂණික වශයෙන් මන්ත්‍රීලා ටිකක් ඉන්නවා අත උස්සනවා කිව්වහම අත උස්සන්න. නමුත් පොදුවේ රටේ එහෙම මහජන වරමක් නෑ. ඒක කවුරුත් දන්නවා. ඒ නිසා ඔය පාර්ලිමේන්තුව ගන්න තීරණ පිළිබඳ. රටේ මහජනයාගේ කිසිම පිළිගැනීමක් නැහැ දැනට. නමුත් මේ පාර්ලිමේන්තුව ගන්න තීරණ හින්දා මිනිස්සුනේ දුක් විඳින්නේ. මිනිස්සු ඇත්තටම දැන් මේ අපහසුතාවයන්වලට පත්වෙනවා.

 විශේෂයෙන්ම කරන්න ඕන දේවල් ආණ්ඩුව කරන්නේ නෑ. උදාහරණයක් හැටියට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි ලක්ෂයක බදු පොලු තියලා තියනවා. ඒවා අයකර ගැනීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ගේන්නෙ නෑ. නමුත් සමාජ මාධ්‍ය මර්දනය කිරීම සඳහා පොලිස් ඇමති පොලිසිය ඇතුලෙත් ඉන්න ත්‍රාඪ බලවේග ටික බලාත්මක කරන්න කටයුතු කරනවා. කෝටි ලක්ෂයක්  ධනපතියන්ට, ධන කුවේරයින්ට බදු පොලු තියලා ඉන්න ඉඩ දීලා බලන් ඉන්නවා. ඒ වගේම සුරාබදු ක්ෂේත්‍රයේ කෝටි හත්සීයක බදු ඒ අයටම බලපත්‍ර ලබා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට රටක් කරන්න බෑ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවල කාරක සභා වලින් අපි නියෝග ලබා දීලා තියෙනවා මේවා අය කරගන්න කියලා. හැබැයි කිසිම විදිහකට මේවා ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒ නිසා අද මේ පාර්ලිමේන්තුවේ විතරක් නෙමෙයි. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය  වගකියන්න ඕනේ අද මේ රට පත්වෙලා තියෙන දේට.



ප්‍රශ්නය:
මැතිවරණය පිළිබඳ ඔබතුමා මොකද හිතන්නේ? ජනාධිපතිවරණය පිළිබඳ ලොකු කතාවක් ජනාධිපතිවරණයනේ පවත්වන්න ඕනේ?


පිළිතුර:
ව්‍යවස්ථාවට අනුව පවත්වන්න ඕනේ ජනාධිපතිවරණය. ඒ වගේම නාමයෝජනා ලබා ගත්ත පළාත් පාලන මැතිවරණය තමයි පවත්වන්න ඕනේ. බැසිල් රාජපක්ෂට ඇවිල්ලා ඕන ඕන වෙලාවට ඡන්ද ලබාගන්න බෑ. පුද්ගලයින්ට ඕන විදියට ව්‍යවස්ථාව වෙනස් කරපු යුගය, පුද්ගලයින්ට ඕන දවසට ඡන්ද තියපු යුගය, පුද්ගලයින්ට ඕන විදියට ඡන්ද කල්දාපු යුගය දැන් ඉවරයි. ඒ නිසා මහජනයාට ඉඩ දීලා, තමන්ගේ රටකට ගිහිල්ලා, පාඩුවේ ඉන්න එකයි තියෙන්නේ මේ රටේ ඉන්න තමන්ගේ පාක්ෂිකයනුයි, රටයි තවදුරටත් අමාරුවේ දාන්නේ නැතුව. ඒක තමයි බැසිල් මහත්තයට කියන්න තියෙන්නේ. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්