ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) දරන ප්‍රතිපත්තිමය තීරණවලට අනුගත නොවන මැති ඇමැතිවරුන්ට
ඉදිරි මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදිය යුතු බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර ඇතැයි පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
පක්ෂ ප්‍රතිපත්තියට එකඟ විය නොහැකි මැති ඇමැතින්ට ඉදිරි මැතිවරණයේදී තමන්ගේ මතයට ගැලපෙන ප්‍රතිපත්ති සහිත පක්ෂයකින් ඡන්දයට ඉදිරිපත් වීමට අවස්ථාව සැලසිය යුතු බව මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී තිබේ.
මෙම යෝජනාව මැති ඇමැතින් 12 දෙනකු විසින් ඉදිරිපත් කර ඇත.
(deshaya.lk)