කැනඩාවේ සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ (23) එරට වේලාවෙන් ප.ව. 3.00ට එරට ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අමතනු ලැබිය. 

ඒ ටොරොන්ටෝ, නොර්ත් යෝර්ක්, RailSide මාවතේ අංක 190 දරන තැන පිහිටි Toronto Pavilion හී දී ය. 

ටොරොන්ටෝ ජනහමුවට එරට ජිවත්වන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර මෙරට ජනප්‍රිය ගායකයෙකු වූ කිත්සිරි ජයසේකර ද මුල්පෙළේ අසුන්ගෙන සිටියේය.  කිත්සිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ වැඩිමහල් සහෝදරයා යි.

432783962 987968109366085 718051511228180848 n
අනුර අද Massey Theatre දී


“ඊයේ දවසේ පැවති ජන හමුව ඉතාමත් සාර්ථකයි. අනුර සහෝදරයාගෙන් බොහෝ දෙනෙක් ප්‍රශ්න ඇහැව්වා. ඒවාට ඔහු ඒ මොහොතේම පිළිතුරු දුන්නා. සිංහල, දෙමළ, මුස්ලිම් කියන හැම කෙනෙක්ම මේ ජනහමුවට ඇවිත් හිටියා.

මීළඟ ජන හමුව තියෙන්නේ අද (24) හවස 2.30 ට යි. ඒ New Westminster හී 8 වන මාවතේ අංක 735 දරන තැන පිහිටි Massey Theatre දී. 

අපි විශ්වාස කරනවා ඊයේ පැවති ජන හමුව තරම්ම අද දවසේ පැවැත්වෙන මේ ජනහමුවටත් අනුර සහෝදරයාට ඇහුම්කන් දෙන්න මෙරට සිටින ශ්‍රී ලාංකිකයෝ පැමිණෙයි කියලා” යි කැනඩාවේ ජාතික ජන බලවේගයේ නියෝජිතයෙකු සඳහන් කර සිටියේය. 

 



akd 938475343

akd 2983702394


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්