පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් තමා ඉවත් නොවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ

නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ කෝප් කමිටුවෙන් ඉවත් වෙනවාද නැද්ද පිළිබඳව කළ විමසීමකට පිළිතුරු වශයෙනි.

කෝප් කමිටුවෙන් ඉවත් වෙනවාද නැද්ද පිළිබඳව තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග කළ සාකච්ඡාවේ දී පක්ෂයේ මතය වූයේ විපක්ෂය නියෝජන කරමින් එක් මන්ත්‍රීවරයෙකු හෝ කෝප් කමිටුව නියෝජනය කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් ආණ්ඩුව හිතුමනාපයට කෝප් කමිටුව තුළත් කටයුතු කිරීමට හැකියාවක් ඇති බවත් යැයි මන්ත්‍රීවරයා පැවසුවේය.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මාර්තු 07 වන දින පත් වූ අතර මේ වන විට රෝහිත අබේගුණවර්ධනගේ එම පත්වීමට විරෝධය දක්වමින් කෝප් කමිටුවේ සිටින විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙකුම ඉල්ලා අස් වූ බව ප්‍රකාශ කොට ඇත.

කෝප් කමිටුව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉන් ඉවත් වන බව මේ දක්වා ප්‍රකාශ නොකළේ රාවුෆ් හකීම්, සහ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරුන් පමණි.

මාර්තු 20 දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසූවේ කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ඉවත් වන්නේද නැද්ද යන්න පිළිබඳ පිළිතුරක් නොදෙන්නේ නම් පාර්ලිමේන්තුව තුළ උපවාසයක් ආරම්භ කරන බවයි.

(anidda.lk -ඇන්තනී වෙරංග පුෂ්පික)


සබැඳි පුවත් :
කමිටු සාමාජිකයින් දිගින් දිගට ම ඉල්ලා අස් වන්නේ ඇයි?

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්