කතෝලික රදගුරු සම්මේලනයට ජනාධිපති කාර්යාලය විසින් ලබාදුන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වූ

ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ පිටු 1500 ක පමණ ප්‍රමාණයක් පරිගණකයේ විවෘත නොවන බව වාර්තා වේ.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි මේ බව කතෝලික උත්සව අවස්ථාවකදී මීට දින කිහිපයකට පෙර පැවසීය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසුවේ, එම ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාව සිඩී තැටි ආකාරයට ලැබුණ බවත්, ඉන් පිටු 1500ක පමණ ප්‍රමාණයකට අදාළ සීඩී තැටි විවෘත නොවන බවත්ය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කළ විමසීමේදී ඔහු පැවසුවේ සීඩී තැටිවල ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවට අදාළ පිටු තිබෙනවාද නැද්ද යන්න ගැන කිව නොහැකි බවයි.

(anidda.lk -ලසන්ත රුහුණගේ)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image