බෙදීම් ඉදිරි වළක්වා ගැනීමේ අරමුණෙන් ජනාධිපතිවරණයේදී රනිල් සහ වික්‍රමසිංහට නොනිල මට්ටමෙන්

සහාය ලබා දීමේ අරමුණෙන් අපේක්ෂයෙක් ඉදිරිපත් නොකිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මාර්තු 20 වෙනිදා බත්තරමුල්ල නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේදී බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී මේ පිළිබඳව ද සාකච්ඡා වී ඇත.

එහිදී බැසිල් රාජපක්ෂගේ මතය වී ඇත්තේ දුෂ්කර අවස්ථාවේදී තම පාක්ෂිකයන් ආරක්ෂා කළ රනිල් වික්‍රමසිංහ අමතක කළ නොහැකි බවයි.

යම් හෙයකින් පක්ෂය නාමල් රාජපක්ෂගේ මඟ යමින් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයැයි තීරණයක් කළහොත් හෝ රනිල් වික්‍රමසිංහ හට සහාය නොදෙන්නට තීරණය කළහොත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රමුඛ කැබිනට් ඇමති සහ රාජ්‍ය ඇමති කණ්ඩායම පක්ෂයෙන් වෙන්වී ගොස් රනිල් වික්‍රමසිංහ හට සහාය දෙනු ඇතැයි මෙහිදී ප්‍රකාශ වී ඇති අතර එහිදී බැසිල් රාජපක්ෂගේ මතය වී ඇත්තේ පක්ෂයේ එකමුතු බව වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ යුතු බවය.

(anidda.lk - කේ. සංජීව) 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්