ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර, ඒ සදහා වන කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීමට අදාලව හාම්පුතුන්ගේ සම්මේලනය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් වතු කම්කරුවන් නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති සමාජිකයින් සමඟ පැවති සාකච්චඡාවක දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් එහි කරුණු සම්බන්ධයෙන් එකඟ වීමට නොහැකි බව වතු වෘත්තීය සමිති සඳහන් කර ඇති අතර ඒ අනුව තමන් ඉල්ලා සිටින දෛනික වැටපු වැඩි කිරීම ලබාදෙන ලෙසටද වෘත්තීය සමිති විසින් ඉල්ලා ඇත.
වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අවශ්‍ය මැදිහත්වීම ජනාධිපති සිදුකර ඇති බව එහිදි අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර වතු කම්කරුවන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන්ද වතු වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාව දැනුවත් කර සිටි අතර එහිදී නව රැකී රක්ෂා පනත මගින් වතු කම්කරුවන්ගේ වෘත්තීය අයිතීන් ආරක්ෂා කිරීමට විශේෂයෙන් පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසා තිබේ.
මෙම අවස්ථාව සඳහා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් ඇතුළුව වතු වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(චතුරංග මේදිස්)