බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (මාර්තු 28 වැනිදා) දහවල් බන්ධනාගාරය වෙත රැගෙන ගොස්

තිබේ.

සිර දඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරයට රැගෙන ගිය අවස්ථාව


කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ආගම් අතර සමගිය කඩවන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් අද (මාර්තු 28 වැනිදා) බරපතල වැඩ සහිත වසර 4 ක සිර දඬුවම් නියම කරනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ චෝදනා දෙකක් ඉදිරිපත් කරනු ලැබ තිබුණි.

චෝදනා දෙකටම ඥානසාර හිමියන් අධිකරණය හමුවේ වරදකරු කෙරුණි.

ඉන් අනතුරුව එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එම දඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවත් නියෝග කළේය.

ඒ අනුව ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් හිමිවනු ඇත.


dhfjksඅධිකරණයට අපහාස කළ බවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති සමාව යටතේ 2019 වසරේදී නිදහස් කෙරුණි


ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 50000 බැගින් රුපියල් ලක්ෂයක දඩයක්ද විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය.

එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් විය.

2016 වසරේ මාර්තු 30 වැනිදා මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා ගොනු කරනු ලැබ තිබුණි.

දඬුවම් නියම කිරීමට ප්‍රථම අධිකරණය හමුවේ කරුණු දැක්වූ ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධිය වන වකවානුවේ රටේ පැවති වාතාවරණය පදනම් කරගෙන ඥානසාර හිමි අදාළ ප්‍රකාශය කළ බව ය.

ජාතීන් අතර පවතින සමගියට බාධා

කෙසේවෙතත් මෙවැනි ප්‍රකාශවලින් ජාතීන් අතර පවතින සමගියට බාධා සිදුවන බව පෙන්වා දුන් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ආගමික නායකයෙකුට සමගිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණත් විත්තිකරු එම වගකීම ඉටුකිරීම පැහැර හැර තිබෙන බවත් සඳහන් කළේය.

ඉන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කරනු ලැබීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ අසාද් සාලි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඥානසාර හිමිට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

(BBC සිංහල සේවය)
 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්