ග්‍රීක රජය විසින් 2012 වසරේදී නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට රුපියල් මිලියන 1843 කට

අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනා මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් 5 දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

අංක එම්.සී.බී. 271/2024 යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ පවරන ලද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල්, කන්කානම් ගමගේ දොන් ධර්මසේන වීරසිංහ, බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන, හරංකහආරච්චිගේ කරුණාරත්න නම්කර තිබුණි.

2012 වසර වනවිට ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට 1,843,267,595 ක පාඩුවක් සිදු කරමින් දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළ විමර්ශන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩු පැවැරීම සිදුකර තිබුණි.

(aruna.lk -ඉෂාර රත්නකාර)

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image