විරෝධතාවයක නිරත වු පෙරටුගාමී පක්ෂයේ නායකයින් සිරගත කිරීම තුලින් කතා කිරීමේ නිදහස ද රැස්වීමේ නිදහස ද ආණ්ඩුව උදුරාගෙන ඇති බව

පෙන්නුම් කරන බවත් එසේ සිදුවන්නේ තලේබාන් පාලනයක් යටතේ පමණක් බව විපක්ෂ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවට එවැනි තලේබාන් පාලනයක් අවශ්‍ය නැති බව "නිදහස" ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (28) ජනමාධ්‍ය ඇමතූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේය.


හයිටි දූපත් රාජ්‍යට සමාන ලංකාව


අධිකරණයේ නියෝගයන්ට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හා නායකයින් කලබල වීම පූර්වාදර්ශයක් කර ගනිමින් පාතාලය ද තමන්ට එරෙහි නියෝග දුන් අධිකරණ විනිසුරුවන් දඩයම් කිරීමට සැරසෙන ආකාරය බියජනක බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඒ ආකාරයට නීතියේ ආධිපත්‍යට තර්ජන මතුවීම හරහා පෙන්වන්නේ ශ්‍රී ලංකාව "හයිටි" දූපත් රාජ්‍යට සමාන වී ඇති බවයි.

අද හයිටි රාජ්‍යයට සිදුව ඇති දේ හෙට මෙරටට විය හැකි බැවින් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ නායකයින් ද වගකීමෙන් හැසිරිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම තවදුරටත් අවධාරණය කළේය.


ජනාධිපතිධූරයේ ආයු කාලය තව දින 193 යි

ජනාධිපතිවරණයට අදාලව සමාජය තුළ නිර්මාණය කොට තිබූ සැක සංකා දුරු කරමින් නියමිත කාලවකවානු නිවේදනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමට ස්තුති කරමින් ඒ අනූව, 8 වැනි විධායක ජනාධිපති ධූරයේ උපරිම ආයු කාලය අද සිට දින 193ක් යැයි ද අවම ආයු කාලය දින 163ක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසා සිටියේය.

 
(චතුරංග මේදිස්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්