දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට අද (30) ගත්

තීරණයට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව, සඳුදා (01) මෙම තීන්දුවට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට දිස්ත්‍රීක් අධිකරණය වෙත යාමට තීන්දු කර ඇත.

 චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකොට විනය පරීක්ෂණයක් සිදුනොකර, ඔවුන් මෙම තනතුරුවලින් ඉවත්කිරීම නිත්‍යානුකුල නොවන බවත්, එසේම මෙම රැස්වීම කැඳවා තිබුනේ ඔන්ලයින් පනත සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයාගේ දේශනයක් සඳහා කැඳවා තිබු විශේෂ රැස්වීමක් පමණක් බවත් පෙත්සම්කරුවන් පවසති.

කෙසේවුවද, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ආ යෝජනාව ඒකමතිකව සම්මත වූ බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පවසයි. 

එම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යි.

ඒ අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සහ දිස්ත්‍රික් සංවිධායක වරුන් ගේ සහාගීත්වයෙන් පැවති සමුලුවේදී ‍ය.

ශ්‍රී ලංකා නිදහස් පක්යේ මෙම සමුලුව පැවැත්වුණේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව දුමින්ද දිසානායක මෙතෙක් දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට මහියංගන ආසන සංවිධායක කේපී ගුණවර්ධනත් , ලසන්ත අලගියවන්න මෙතෙක් දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ධුරයට හෙක්ටර් බෙත්මගේත්, මහින්ද අමරවීර මෙතෙක් දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට සරත් ඒකනායකත් තාවකාලිකව පත්කර තිබේ.

නිමල් සිරිපාල අමාත්‍යවරයාගේ ශ්‍රිලනිප තනතුර මීට පෙර ඉවත් කළ අතර, ඒ පිළිබඳව අධිකරණයේ නඩුවක් විවාද වෙමින් පවතී.

සබැඳි පුවත් :
අධිකරණ ඇමති, සිරිසේනගේ රැස්වීමට ගියේ ඇයි ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්