ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (30) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන

සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබිණ.

එසේ ආරධනාන කර තිබුනේ, විශේෂ තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව දන්වා සිටිමිනි.

WhatsApp Image 2024 03 30 at 5.34.26 PM

ඒ අනුව අද (30) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ශ්‍රවණාගාරයේ පැවැත්වූ විශේෂ රැස්වීමට ඉහත කී තනතුරු දරණ සියල්ලන් පැමිණ සිටියේය.

අද පෙරවරුවේ ආරම්භ වූ එම රැස්වීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ද එක්වී සිටියේය.

රැස්වීම ආරම්භවීමෙන් අනතුරුව පිළිගැනීමේ කථාව, පක්ෂයේ මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීවරයා විසින් සිදුකළ අතර ඉදිරි මැතිවරණ වලට මුහුණ දීම සහා පක්ෂය සංවිධානය කරමින් තිබුණත්, පක්ෂ අභ්‍යන්තරයේ පැන නැගී ඇති දෙපිටිකාට්ටු නිලධාරීන් නිසා ප්‍රශ්ණ මතුව ඇති බව ඔහු සදහන් කළේය.

රැස්වීමේ සිටි සියළුදෙනා පාහේ විමතියෙන් මෙන් බලා සිටියේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ ද එම රැස්වීමට සහභාගී වී සිටින්නේ කුමන කාරණයක් සදහාද යන්න විපරම් කරමිනි.



 පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය තත්වය පැහැදිලි කිරීමට අධිකරණ ඇමතිවරයා කැඳවා ඇති බවට රාවයක් පැතිරගොස් තිබිණ. කෙසේවුවද රැස්වීම අමතමින් මෛත්‍රීපාල සිරිසේන පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබදවත්, රටේ පවතින දේශපාලන තත්වය පිළිබදවත් තොරතුරු දැනගැනීම සදහා ඔහුට ආරාධනා කළ බවයි.

 
ඉන් අනතුරුව අධිකරණ ඇමතිවරයා විශේෂ දේශනය සිදුකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය පටන්, රටට සිදුකළ සේවාවන් මෙනෙහි කරමින් වර්ථමානයේ රට වැටී ඇති අගාධයේ ගොඩ ගැනීම පිණිස වෙන කිසිදු බලවේගයක් රට තුල නොමැති බව අවධාරණය කර සිටියේය.

පසුගිය මැතිවරණ ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය බිංදුව දක්වා පහත වැටී අතුරුදන්ව ගිය බවත් ඔහු සදහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලාගත්, මහින්ද පිල පක්ෂය වෙනුවට සිය පවුල ගොඩනැගීම සදහා ගෙන ගිය වැඩපිළිවෙල හරහා පෙහොට්ටු පක්ෂය නිර්මාණය කළත්, පෙහොට්ටුවේ කොදු කාරටිය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ද ඇමතිවරයා සිහිපත් කළේය.

අවසානයේ, පවුල් බලය අරමුණු කොට නිර්මාණය කළ පොහොට්ටුව හරහා බලය ලබා ගන්තත්, වසර 2 ක් යන විට පක්ෂය මෙන්ම රටද විනාශ මුඛයට ඇද වැටුණු බවත් ඔහු සදහන් කළේය.

දැනට තරගයට ඉදිරිපත් වී ඇති සියලුම ජනාධිපති අපේක්ෂකයින්ට ලබා ගත හැකි වන්නේ 30% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් බවත්, ඒවා පාවෙන ඡන්ද බවත් ඔහු පැවසුවේය. එම 70 % ක පිරිස එකතුවිය හැකි ප්‍රබලම දේශපාලන කදවුර වනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත්, සිහල, දමිළ, මුස්ලිම් ඕනෑම ගමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමැත්ත දක්වන විශාල ජනතාවක් සිටිය බවත්, එම නිසා මේ මොහොතේ රට වැටී ඇති තැනින් ගොඩගැගීමට ශ්‍රිලනිපයට ඇති ශක්තිය අවතක්සේරු නොකොට නිසිලෙස සංවිධානය වී ඊළග ජනාධිපති මැතිවරණය හා මහා මැතිවරණයක පාලන බලය ලබා ගත හැකි ආකරය ඔහු විසින් විස්තර කරනු ලැබිය.


ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නැයි ආරාධනා

 රැස්වීමෙන් අනතුරුව පැමිණ සිටි බොහෝදෙනෙක්,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. ඒ සමබන්ධයෙන් සලකා බැලීමට සුදානම් බව අධිකරණ ඇමතිවරයා මෙහිදී සඳහන් කර ඇතැයි ද පැවසේ.

 
දුමින්ද, ලසන්ත සහ අමරවීර දොට්ට !


අධිකරණ ඇමතිවරයාගේ දේශනයෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රැස්වීම අමතමින්, පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දෙමින් රනිල් වික්‍රමසිංහ දිනවීම සදහා සහාය වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන එම අපක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනා ඔවුන් දරන  තනතුරුවලින් නෙරපන ලෙසට යෝජනාවත් සභාවට ඉදිරිපත් කළේය.

මෛත්‍රීපාල සිරිසේන, ඉදිරිපත්කල යෝජනාව සම්මතවී ඇති අතර ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත.

එසේම ලසන්ත අලගියවන්න, භාණ්ඩාගාර ධූරයෙන්ද මහින්ද අමරවීර ජේෂ්ඨ උපසභාපති ධූරයෙන්ද ඉවත් කරනු ලැබ තිබේ.

නිමල් සිරිපාල අමාත්‍යවරයාගේ ශ්‍රිලනිප තනතුර මීට පෙර ඉවත් කළ අතර, ඒ පිළිබඳව අධිකරණයේ නඩුවක් විවාද වෙමින් පවතී.


සබැඳි පුවත් :
මෛත්‍රීට අධිකරණයෙන් හදිසි නියෝගයක්

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්