මෙවර මහ මැතිවරණයේ දී සන්ධානගත හෝ තනිවම තරඟ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (10) පස්වරුවේ මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත.


ඉදිරි මහ මැතිවරණයට 'පොහොට්ටුව' ලකුණින් සන්ධානගත තරඟ කරන්නේද ? ශ්‍රීලනිපය 'අත' ලකුණින් හෝ වෙනත් ලකුණකින් වෙනම තරඟ කරන්නේ ද ? යන කාරණය හෙට (11) දිනයේ පැවැත්වෙන එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීන්දු කිරීමට නියමිතය.

ඊට පෙර හෙට පෙරවරුවේ සිට ආසන සංවිධායකයින් පළාත් සභා මට්ටමින් වෙන වෙනම කැඳවා මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට ද පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය අතුගා දැමීමේ සැලසුම් සහගත මෙහෙයුමක් 'පොහොට්ටු' පක්ෂයේ නායකත්වය විසින් මේවනවිට එළිපිටම ආරම්භකර ඇති බැවින් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරි මහ මැතිවරණයේදී තනිව ඉදිරිපත් විය යුතු බවට එම පක්ෂයේ ප්‍රධානින් කිහිප දෙනෙකු හා ආසන සංවිධායකයින් බහුතරයක් පක්ෂ නායකත්වයට බලපෑම් කරමින් සිටින බව theleader.lk වෙත වාර්තාවේ.


දයාසිරිව හරවා යවා ඇති කතාව ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර රැගෙන ආ ශ්‍රීලනිප නාමයෝජනා ලැයිස්තුව පමණක් බැසිල් රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇති බවට අමාත්‍ය විමල් විරවංශගේ මෙහෙයුම යටතේ පවත්වා ගෙන යන Lanka Lead News හි පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමේ දී ශ්‍රීලනිප මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර පැවසුයේ, එම පුවත මුළුමනින්ම අසත්‍ය බවයි.



සබැඳි පුවත් :
තීන්දුව හෙට : ජනපති ගෝඨාභයට අතදෙන්න ශ්‍රීලනිපය මෙවර අතින් !

ශ්‍රීලනිපය වෙනම තරඟ කිරීමේ සුදානමක ! - පක්ෂ මධ්‍යම කාරක සභාව බදාදා කැඳවයි !!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්