මහාචාර්ය චරිත හේරත්ගේ ක්‍රියාකාරී දේශපාලන ආධාරකරුවෙකු වන කුලියාපිටිය, අස්වැද්දුම කොට්ඨාසයේ පදිංචි කසුන් මධුසංකට මැර කණ්ඩායමක් විසින් යකඩ මුගුරකින් හිසට එල්ල කළ ප්‍රහාරයක් නිසා ඔහු බරපතල තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත්කර තිබේ.  


ප්‍රහාරයට ලක්වූ මධුසංක සඳහන් කරන්නේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන සමන්ප්‍රිය හේරත්ගේ අනුදැනුම මත ඔහුගේ සහෝදරයෙක් වන බණ්ඩාර නැමැත්තෙක් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් විසින් තම ත්‍රීරෝද රථය අලුත්වැඩියා කරගැනීම සඳහා ගරාජය වෙත ගොස් සිටියදී මෙම පහරදීම සිදුකළ බවයි. 

කුලියාපිටිය ආසනය තුළ වෙනත් පුද්ගලයන්ට දේශපාලනය කිරීමට ඉඩ නොදෙන බවත්, පිටස්තර පුද්ගලයින් සඳහා සහයෝගය නොදක්වන ලෙසත් පවසමින් මෙම පහරදීම සිදුකර තිබේ. 

කුලියාපිටිය රෝහලට ඇතුළත්කර ඇති ප්‍රහාරයට ලක්වූ මධුසංක සඳහා මේ වනවිට ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

WhatsApp Image 2020 03 10 at 2.11.44 PM

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්