ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බලා යාත්‍රා කරමින් තිබියදී ඇමෙරිකාවේ බොල්ටිමෝර්හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමෙහි

(Francis Scott Key Bridge) ගැටුණු සිංගප්පූරු ධජය සහිත ඩාලි (Dali) නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

එම පරීක්ෂණය මේ වනවිටත් ආරම්භකර ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම නෞකාවේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොතිබූ බවත් පැවසීය.

"ඇත්තවශයෙන්ම මේ නැව හැප්පුණු නිසා තමයි එහි තිබූ භාණ්ඩ ගැන දැනගන්නට පුළුවන් වුණේ.."

ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

ද ඩාලි නම් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව මාර්තු 26 වනදා බොල්ටිමෝ පාලමේ ගැටුණු අතර ඒ හේතුවෙන් වසර 47ක් පමණ පැරණි එම පාලම කඩා වැටුණු අතර එම පාලමේ නඩත්තු කටයුතු කරමින් සිටි සේවකයින් පිරිසක් ගඟට වැටී අතුරුදන් වුණි.




Ship Exporting US Toxic Waste to Sri Lanka Crashes Baltimore Bridge


kdfm

 

මෙම ඩාලි (Dali) නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය (hazardous materials) ටොන් 764ක් තිබූ බව වෙබ් අඩවියක් විසින් අනාවරණය කරනු ලැබ තිබේ.

එම වෙබ් අඩවිය වාර්තා කළේ, බහාලුම් 56ක් තුළ විඛාදනයට ලක්වනසුලු, ගිනිගන්නාසුලු, විවිධ අනතුරුදායක ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය මෙන් ම, ලිතියම් බැට්රි ඇතුළු 9 වන පන්තියේ අන්තරායදායක ද්‍රව්‍ය (විදුලි උපකරණ ආදී ද්‍රව්‍ය) තිබූ බව අනාවරණය වී ඇති බව ය.

අදාළ වෙබ් අඩවිය එම ලිපිය පළ කර ඇත්තේ, "ඇමෙරිකාවේ විෂ සහිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට රැගෙන යමින් තිබූ නෞකාව බොල්ටිමෝර් පාලමේ ගැටෙයි," (Ship Exporting US Toxic Waste to Sri Lanka Crashes Baltimore Bridge) යන සිරස්තලය යටතේ ය.


සබැඳි පුවත් :
බොල්ටිමෝර් සිට කොළඹට එද්දී පාලමක ගැටුණු ඩාලි නැවේ තිබුණේ ‘විෂ අපද්‍රව්‍ය’ ද?
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්