එක්සත් ජාතික පක්ෂයේ ජන බලය එළඹෙන ලෝක කම්කරු දිනයේ දී රටට දැක ගත හැකි බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂය නායකයා පවසා තිබේ.


විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි පක්ෂය සමග එක් වීමට සූදානමින් සිටි බවයි හිටපු අමාත්‍ය රවී කරුණානයක පෙන්වා දෙන්නේ.

රනිල් වික්‍රමසිංහ යළි ජනපති කරවා රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන ඉතිහාසයේ බලවත්ම සහ පුළුල්ම දේශපාලන සන්ධානය සුදුසුම වෙලාවේ දී එළි දක්වන බව ද ඔහු සඳහන් කළේය.

පටු දේශපාලන සහ බල අරමුණු වෙනුවෙන් මේ වන විට හතු පිපෙනවා වගේ බිහි වන ජන පදනමක් නොමැති දේශපාලන සන්ධානවලින් රටට-ජනතාවට කිසිදු ඵලක් නැතැයි කී හිටපු ඇමැතිවරයා එවැනි දේශපාලන සන්ධාන බිහි වන වේගයට වඩා වැඩි වේගයකින් බිඳ වැටෙමින් ඇති බවයි පවසන්නේ.

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව සහ බල සම්පන්නව බලයේ සිටි අවස්ථාවේ සෑම අවස්ථාවකදී ම රට සංවර්ධනය වූ අතර පක්ෂය දුර්වල වූ සියලු අවස්ථාවල දී රට බංකොලොත් වූයේ යැයි ද හෙතෙම කියා සිටියේය.

ඇප කැප වී වැඩ කරමින් ,රට ගොඩනගා, ජනතාව සවි බල ගන්වන දක්ෂයින්ගෙන් යුතු දේශපාලන සන්ධානය නිර්මාණය කරමින් සිටින බවත් රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි, දැක්මක් සහ වැඩ පිළිවෙළක් නොමැති පාර්ශව සමඟ සන්ධාන ගොඩනගා තේරුමක් නැතැයි ද කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂය නායක රවී කරුණානායක වැඩිදුරටත් පැවසීය.

(චතුරංග මේදිස්)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්