කොළඹ 10 ටී බී ජයාමාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මරදාන පොලිසිය විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම ආරක්ෂාව යොදවා තිබේ.

 එහි තිබූ ලිපිගොනු වගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වැඩ බලන මහලේකම්වරයා මෙම පැමිණිල්ල කර තිබුණි

ඒ අනුව මරදාන පොලිසිය එහි ගේට්ටු වසා තිබියදී අද උදෑසන 9යි තිහට පමණ වැඩ බලන මහලේකම්වරයා ආසන සංවිධායකවරුන් සමග එහි පැමිණ ඒ ආසන්නයේම පිහිටි වෙනත් ගොඩනැගිල්ලක රැස්විමක් පැවැත්වීමට ඒ තුළට යාමට අවසර ඉල්ලුවද පොලිසිය ඊට අවසර දී නැත.

 මේ හේතුවෙන් වැඩ බලන මහලේකම්වරයාට සිය ආසන සංවිධායකවරුන් සමඟ ආපසු පැමිණීමට සිදුවිය.

මෙම කාරණය සම්බන්ධයෙන් වැඩබලන ලේකම්වරයා මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක්දී කරුණු පැහැදිලි කර දී ඇතත්, ඊටද සුභවාදී ප්‍රතිචාරයක් ලැබී නැත.

 වැඩ බලන මහලේකම්වරයා ඉන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලිපියක් මගින්ද අදාළ කරුණු යොමු කර ඇත .


ojuoxfශ්‍රීලනිපයේ වැඩ බලන මහලේකම්වරයා මරදාන පොලිස් ස්ථානාධිපතිට යැවූ ලිපිය


(lankadeepa.lk - ආරියරත්න රණබාහු සහ යොහාන් භාසුර)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්