"සමගි බුද්ධි මණ්ඩපයේ" පළමු වාර්ෂික සම්මේලනයේ ආරාධිත දේශන සඳහා ඉන්දීය ආර්ථික විශේෂඥ ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා (Surjit S.

Bhalla) හා සිංගප්පුරු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වශයෙන් සේවය කරන තිලක් අබේසිංහ සහභාගිවීමට නියමිතය. 

ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ උපදේශකයකු ලෙස කටයුතු කරයි. 

සමගි ජන බලවේගය යටතේ සන්ධාන ගත වී සිටින විශ්ව විද්‍යාල ඇදුරන්ගේ මුලිකත්වයෙන් යුතුව ආරම්භ කර ඇති "සමගි බුද්ධි මණ්ඩපයේ" පළමු වාර්ෂික සම්මේලනය කොළඹ "Shangri-La" හෝටලයේ දී අද (අප්‍රේල් මස 07) සවස 3.00 ට ආරම්භවේ. 

මෙම දේශකයින් දෙදෙනා මෙම වැඩසටහනට සහභාගිවන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරාධනයෙනි. ඊට අදාල සම්බන්ධිකරණ කටයුතු සිදුකර ඇත්තේ විපක්ෂනායක උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා විසිනි.

රට ගොඩනගන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අරමුණින් යුතු "සමගි බුද්ධි මණ්ඩපය" වටා,  මේවනවිට රට පුරා පිහිටි විශ්ව විද්‍යාල 17 නියෝජනය වන පරිදි ආචාර්ය-මහාචාර්යවරුන් 1131 දෙනෙක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත මතවාදීව සිය සහය පළ කරමින් ඔහු වටා එකට ඒකරාශී වී සිටින බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.

ආරාධිත දේශක Surjit S. Bhalla ගැන කෙටි සටහනක් ..

 

balla

ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා

 

ආචාර්ය සුර්ජිත් එස්. භල්ලා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හිටපු අධ්‍යක්ෂකවරයායි. (2019 නොවැම්බර් සිට ඔක්තෝබර්  2022 දක්වා).ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගේ ආර්ථික උපදේශක කවුන්සිලයේ අර්ධ කාලීන සාමාජිකයෙකු ලෙස සේවයකළ අතරම, රජයේ කමිටු ගණනාවකට ද සිය දායකත්වය ලබා දුන්නේය. 2018 සිට 2019 දක්වා කර්මාන්ත පිළිබඳ ඉහළ මට්ටමේ උපදේශන කණ්ඩායමේ (High Level Advisory Group on Trade) සභාපති ලෙසත් 1999 වසරේ සහ 2006 වසරේ රිසව් බෑන්ක් ඔෆ් ඉන්ඩියාහි ප්‍රාග්ධන ගිණුම් පරිවර්ත්‍යතා කමිටු (RBI Capital Account Convertibility Committees)  සාමාජික ලෙසත් ඔහු කටයුතු කළේය.

ආචාර්ය සුර්ජිත් දිල්ලි ස්කුල් ඔෆ් ඉකොනොමික්ස් (Delhi School of Economics) හි දේශකයෙකු ලෙස සේවය කල අතර ඉන්දියාවේ රාජ්‍ය අනුග්‍රය ලත් පළමු විද්වත් එකතුව වන  නව දිල්ලි ප්‍රතිපත්ති සමුහයේ විධායක අධ්‍යක්ෂකවරයාද විය. එසේම ඔහු RAND සමාගමේත්  (RAND Corporation),බෲකින්ග්ස් ආයතනයේත් (Brookings Institution) පර්යේෂක ආර්ථික විද්‍යාඥයෙකු ලෙස කටයුතු කර ඇති අතරම, ලෝක බැංකුවේ පර්යේෂණ සහ භාණ්ඩාගාර යන දෙපාර්තමේන්තු දෙකටම සිය සේවය ලබා දී ඇත. එසේම, වාර්බර්ග් පින්කස් සමාගමේ (Warburg Pincus) උපදේශකවරයකු ලෙසද කටයුතු කොට ඇත. ඊට අමතරව, ආචාර්ය සුර්ජිත් වෝල් වීථියේ ඩොයිෂ් බැංකුවේ (Deutsche Bank) සහ ගෝල්ඩ්මන් සැක්ස් සමාගමේ (Goldman Sachs) සේවය කර ඇත.

ආචාර්ය සුර්ජිත් ඔක්සස් රිසර්ච් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් සමාගම (Oxus Research & Investments) පිහිටවූ අතර, 1997-2016 කාලය තුළ එහි ආරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කරන ලදී. එසේම ඔහු, 2015 අප්‍රේල්-2018 සැප්තැම්බර් දක්වා කාලය තුළ නිව්යෝර්ක් හි ඔබ්සර්වෙටොරි සමූහයේ (Observatory Grou) ජ්‍යෙෂ්ඨ ඉන්දියානු කටයුතු විශ්ලේෂක ලෙසද සේවය ලබාදී ඇත.

දේශක තිලක් අබේසිංහ ගැන කෙටි සටහනක් 

 

thlak w

තිලක් අබේසිංහ 

 

තිලක් අබේසිංහ මහතා මේ වන විට සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ, දකුණු ආසියානු අධ්‍යයන ආයතනයේ, අනුබද්ධිත ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වශයෙන් සේවය කරන අතර Marga ආයතනයේ සහ ගාමණී කුරේ පදනමේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ උපදේශකවරයෙකු වශයෙන් ද කටයුතු කරයි. එමෙන් ම ඔහු සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ, ආසියා තරගකාරිත්ව ආයතනයේ (Asia Competitiveness Institute), ජ්‍යෙෂ්ඨ පර්යේෂණ උපදේශකවරයෙකු වශයෙන් ද මීට පෙර කටයුතු කර ඇත.

ඔහු සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ හිටපු මහාචාර්යවරයෙකි. 1988 වසරේ දී දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ ඔහු, 2019 ජූලි මාසයේ දී ඉන් විශ්‍රාම ගත්තේ ය. දෙපාර්තමේන්තුවේ සිටින කාලය අතරතුර දී, ඔහු ව්‍යවහාරික සහ ප්‍රතිපත්ති ආර්ථික විද්‍යාව පිළිබඳ සිංගප්පූරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා සහ දෙපාර්තමේන්තුවේ විධායක කමිටු සාමාජිකයෙකු වශයෙන් ද සේවය කළේ ය. ඊට අමතරව ඔහු නියෝජ්‍ය/වැඩබලන ප්‍රධානී, ආර්ථික විද්‍යා උපාධි පාඨමාලා අධ්‍යක්ෂ සහ පීඨ කාලසීමා සහ ප්‍රවර්ධන කමිටු සාමාජික වැනි අනෙකුත් වැදගත් පරිපාලන වගකීම් ද දරා ඇත.  එමෙන් ම කියෝතෝ විශ්වවිද්‍යාලයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර මහාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කර තිබේ.

ආර්ථික විද්‍යාව/ආර්ථිකමිතික විද්‍යාව සම්බන්ධ සිය ආචාර්‍ය උපාධිය ඔහු මැනිටෝබා විශ්වවිද්‍යාලයෙන් ලබාගත් අතර සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වීමට පෙර, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (කොළඹ) සේවය කළේ ය. ඔහු ආර්ථිකමිතික විද්‍යාව සම්බන්ධ න්‍යායික සහ ව්‍යවහාරික මාතෘකා රාශියක් පිළිබඳව පර්යේෂණ මෙහෙයවා ඇති අතර ඒ අතරට සිංගප්පූරු ආර්ථිකය, නිවාස සපයා ගැනීමේ හැකියාව, ආතතිය සහ පිළිකා, ප්‍රමාණාත්මක සෞඛ්‍ය පර්යේෂණ, සුබසාධන වියදම් සහ මූල්‍ය තිරසාර භාවය, තත්ත්ව ගැලපුම් ශ්‍රම යෙදවීම්, ශ්‍රී ලංකාවේ උපජාතීය ආර්ථිකයන් සහ ශ්‍රී ලංකාවේ සැපයුම් දාම ගැටලු ආදිය ඇතුළත් වේ. ඔහු විසින් පළ කළ පර්යේෂණ පත්‍රිකා Journal of Econometrics සහ NBER වැනි පිළිගත් ජාත්‍යන්තර ආයතන හරහා ප්‍රකාශයට පත් වී ඇත.

සිංගප්පූරු ආර්ථිකයේ ආර්ථිකමිතික ආකෘති නිර්මාණය, පුරෝකථනය සහ ප්‍රතිපත්ති විශ්ලේෂණය ඔහුගේ පර්යේෂණවල ප්‍රධාන දිශානතියකි. 1992 සිට ආර්ථිකමිතික අධ්‍යයන ඒකකයේ සම්බන්ධීකාරකවරයා වශයෙන් ඔහු ආර්ථිකමිතික ආකෘති ගණනාවක් ගොඩනඟා ඇති අතර, ඉන් එකක් Routledge විසින් ප්‍රකාශිත, The Singapore Economy: An Econometric Perspective නම් ග්‍රන්ථයෙහි දැක්වේ. මෙම ආකෘති මත පදනම් වූ ප්‍රතිපත්ති විශ්ලේෂණ ප්‍රවෘත්ති මාධ්‍යවල නිරන්තරයෙන් පළ වී ඇත. ඔහු විසින් සම්බන්ධීකරණය කළ “Ask NUS economists”නම් මාසික තීරු ලිපියක් The Straits Times පුවත්පතෙහි පළ වූ අතර එය දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය. එමෙන් ම, ආචාර්ය උපාධි ශිෂ්‍යයන් 11 දෙනෙකු සහ ශාස්ත්‍රපති සහ ගෞරව උපාධි ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් ඔහු විසින් අධීක්ෂණය කර ඇත.


සබැඳි පුවත් :

අද සජිත්ගෙන් ප්‍රශ්න කරන සාකච්ඡාවේ මෙහෙයුම්කරු ආචාර්ය ප්‍රදීප් වීරසිංහ 

'සමගි බුද්ධි මණ්ඩපය' : අප්‍රේල් 07 කොළඹ දී


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image